IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි

 

(අංජුල මහික වීරරත්න)

තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පැවසීය.

ලංකාව තිස් වසරක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර  ජාතික ප්‍රශ්නයට විසඳුමක් සඳහා දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කරන බවද     ජනාධිපතිවරයා කීය.

තුන්වන පාර්ශ්වයකට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ලංකාව භාවිතා කළ හැකි යැයිද මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු කිරීම අනාගතයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .

ඉන්දීය සාගර කලාපයේ මහා බලවතුන් අතර  එදිරිවාදිකම් දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි කී ජනාධිපතිවරයා  ඉන්දීය සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද  අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කිසිවිටක  කලාපයේ කිසිදු හමුදා ක්‍රියාකාරකමක නිරත නොවනු ඇතැයි කී ජනාධිපතිවරයා ලංකාවෙි සියලුම වරායන් වාණිජ කටයුතු සඳහා පමණක් භාවිතා වන බවද කීය.

 චීනයට හම්බන්තොට වරායේ කොටස් හිමිව ඇත්තේ ණය කළමණාකරණ ක්‍රියාවලියක් ලෙස පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොල්ලුපිටිය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

 



අදහස් (10)

මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි

Perera Thursday, 15 September 2022 12:27 AM

මෙයාටයි, අර මදාවි ඇමැතිලා සෙට් එකටයි විසඳුමකට කිසිම සැලැස්මක් නැතිව උඩින් පහළ වෙනකන් බලන් ඉන්නවාද කොහේද?

:       0       0

sena Thursday, 15 September 2022 10:27 AM

මිනිස්සුන්ට කන්ඩ නැහැ ලමා මන්දපෝෂණයෙන් දෙවැනි තැන නිතන මෙයා මෙ බලගතු ආසියාවක් ගැන කතා කරනවා - මෙවාට තමයි කියන්නෙ කටෙ නරිවාදම් කියලා

:       72       67

pjThursday, 15 September 2022 11:20 AM

මෑත අතීතයේදී කන එක සහ කා ගන්නා එකට පමණක් ම මුල් තැන දුන් නිසාම අප රට අද සිටින තත්වයට පත්ව ඇති බව තේරුම් නොගන්නා අය තවමත් නොඅඩු බව පැහැදිළිය. නැවත නොවැටී සිටීමට නම් අපේ රට දියුණු විය යුත්තේ තනි රටක් වශයෙන්ම පමණක් නොව මුළු ආසියාවම බටහිර ට යාකරන මුහුදු කේන්ද්‍රස්ථානයක් වශයෙනි. ඒ ගැන අඩිතාලම් දැමිය යුත්තේ බඩගිනි නිවුණු පසුව නොවේ.

:       41       7

GamunuThursday, 15 September 2022 05:01 PM

ජාතීන් හෝ ජනවර්ග වශයෙන් දේශපාලනය හෝ බලය පිළිබඳ ක්‍රියානොකර ශ්‍රී ලාංකිකයින් වශයෙන් සියලු ජාතින් එක්ව කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේ. ඒ සඳහා සියලු ජාතීන්ට එක සමාන අයිතිවාසිකම් තිබිය යුතු වේ.

:       0       0

වීරවිජේ Thursday, 15 September 2022 10:42 AM

222 ටම අහවල් දේ පල දෙනවා කියන එක තමයි ලක්ෂ 222ක පැතුම... නාකි කාලකන්නි..

:       68       66

ganegoda Thursday, 15 September 2022 12:50 PM

දිනපතා බොරු කියන ජනාධිපතිගෙ අද බොරුව.

:       72       8

sharm warn Thursday, 15 September 2022 02:02 PM

මාස කීපයකින්... සිංහල පාඩමේදී අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නම් හොඳටම අහගෙන ඉඳලා තියෙනවා. කියන්නෙම මේ වගේ කාලනිර්ණවලින්නේ...!

:       0       0

විපරමා Thursday, 15 September 2022 04:29 PM

ජාතික ප්‍රශ්න කෙසේ වෙතත් පින් ජනපති පාර්ලිමේන්තුවේ ඉන්න හාල්පාරුවන්ගේ ප්‍රස්න නම් විසදයි වගේ. දැනටමත් පොහොට්ටු කාරයන්ට රාජ්‍ය ඇමතිකම් ,ඇමතිකම් පුදකරන එකයි කරන්නේ?

:       1       0

Hafeel Thursday, 15 September 2022 04:37 PM

මොනවාද රටේ තියන ජාතික ප්‍රශ්නය? ත්‍රස්තවාදී ප්‍රශ්නය මිස ජාතික ප්‍රශ්නයක් නොවේ. එකත් එදා අවසන්. බල පෙරේත්තකමට සහ ඩොලර් අවශ්‍ය මුවා වෙන්, රටේ මුහුණ දෙන තෙල්, විදුලිය, ආහාර අර්බුදය විසඳන්න නැතුව, කොහෙද යන්න සර්පයාව එදල දාගන්න ඕන නැහැ.

:       1       1

Bamunuarachchi Friday, 16 September 2022 07:08 AM

අද නොවෙයි හෙට කිව්ව බාලගිරිදොෂයට දැන් කියන්න වෙන්නේ මේ මාසේ නොවෙයි තවත් මාස කීපයකින් එන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site