
(අංජුල මහික වීරරත්න)
තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පැවසීය.
ලංකාව තිස් වසරක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර ජාතික ප්‍රශ්නයට විසඳුමක් සඳහා දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා කීය.
තුන්වන පාර්ශ්වයකට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ලංකාව භාවිතා කළ හැකි යැයිද මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු කිරීම අනාගතයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .
ඉන්දීය සාගර කලාපයේ මහා බලවතුන් අතර එදිරිවාදිකම් දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි කී ජනාධිපතිවරයා ඉන්දීය සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව කිසිවිටක කලාපයේ කිසිදු හමුදා ක්‍රියාකාරකමක නිරත නොවනු ඇතැයි කී ජනාධිපතිවරයා ලංකාවෙි සියලුම වරායන් වාණිජ කටයුතු සඳහා පමණක් භාවිතා වන බවද කීය.
චීනයට හම්බන්තොට වරායේ කොටස් හිමිව ඇත්තේ ණය කළමණාකරණ ක්‍රියාවලියක් ලෙස පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොල්ලුපිටිය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටයි, අර මදාවි ඇමැතිලා සෙට් එකටයි විසඳුමකට කිසිම සැලැස්මක් නැතිව උඩින් පහළ වෙනකන් බලන් ඉන්නවාද කොහේද?
මිනිස්සුන්ට කන්ඩ නැහැ ලමා මන්දපෝෂණයෙන් දෙවැනි තැන නිතන මෙයා මෙ බලගතු ආසියාවක් ගැන කතා කරනවා - මෙවාට තමයි කියන්නෙ කටෙ නරිවාදම් කියලා
222 ටම අහවල් දේ පල දෙනවා කියන එක තමයි ලක්ෂ 222ක පැතුම... නාකි කාලකන්නි..
දිනපතා බොරු කියන ජනාධිපතිගෙ අද බොරුව.
මාස කීපයකින්... සිංහල පාඩමේදී අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නම් හොඳටම අහගෙන ඉඳලා තියෙනවා. කියන්නෙම මේ වගේ කාලනිර්ණවලින්නේ...!
ජාතික ප්‍රශ්න කෙසේ වෙතත් පින් ජනපති පාර්ලිමේන්තුවේ ඉන්න හාල්පාරුවන්ගේ ප්‍රස්න නම් විසදයි වගේ. දැනටමත් පොහොට්ටු කාරයන්ට රාජ්‍ය ඇමතිකම් ,ඇමතිකම් පුදකරන එකයි කරන්නේ?
මොනවාද රටේ තියන ජාතික ප්‍රශ්නය? ත්‍රස්තවාදී ප්‍රශ්නය මිස ජාතික ප්‍රශ්නයක් නොවේ. එකත් එදා අවසන්. බල පෙරේත්තකමට සහ ඩොලර් අවශ්‍ය මුවා වෙන්, රටේ මුහුණ දෙන තෙල්, විදුලිය, ආහාර අර්බුදය විසඳන්න නැතුව, කොහෙද යන්න සර්පයාව එදල දාගන්න ඕන නැහැ.
අද නොවෙයි හෙට කිව්ව බාලගිරිදොෂයට දැන් කියන්න වෙන්නේ මේ මාසේ නොවෙයි තවත් මාස කීපයකින් එන්න කියලා.