(අංජුල මහික වීරරත්න)
සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් එක කීයද දන්නේ නෑ නේ
කඩල කනවා වගෙ ටික ටික කන්නෙ නැතිව. මී හරක්‍ට මොලයක් තියෙනවානම්. එන්ගලන්තයට. ම දුන්නනම් අහලා ඉවරනේ සම්පුර්න රටම. මුන්ට යටත් වෙලා හිටපු එක හරි ලැජ්ජයි. දැන් වෙන දේවල්. හරි සතුටුඇති. පොකට් පිරෙනවානෙ කපු ටු. රැලගෙ එකෙක් ටවත් සන්වර්දනය කියන. දෙදන්බෙම නැහැ නෙ. හිගා කන්නයි පොලියට ගන්නයි. විකුනන්නයි දන්නෙ. උබලා සේරම පොලී මුදලාලිලා කරන වැඩ. ඒ විදියයි. කොහොමත්. මන්ද බුද්දික කට්ටියක් නෙ රට පාලනය කරන්නෙ. උගතුන් පොරකනවා. රට ඉල්ලලා. මුන් අනිනවා රට දෙන්නෙ නැතිව. ඉන්දියාවේ මුතු ඇටය. මුතු ඇටය අරන් දමලා. මේදයෙන් පිරුනු උබලගෙ පුන්චි මොලේ. තිබ්බා නම් හරි
මේ නම් පිස්සු වැඩක්.බොන්න තියන වතුර ටිකත් නැති වෙන වැඩක් .අපවිත්‍ර දේවල් ජලයට එකතු වෙනවා .ඒක නවත්වන්න බැහැ
හොඳ වැඩක් .. අපිට අවශ්‍යයි වැඩි වශයෙන් ආයොජකයින්
මේකට තමයි කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන්ගොනාට දෙන්නෙත් නැහැ කියලා. අපේ එවුන්ට මෙතරම් විසාල මුදලක් වැය කර ව්‍යාපෘති කරන්නත් බැහැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.
ඒ කාලේ සිංහලයිනි මා නුඹලාගේ ම රජෙක් වී ඇවිත් නුඹලාගේ රටත් ජාතියත් විනාශ කර දමන්නෙමි කිවුවලු නේද ?
අනුමැතිය දුන්නු උන් මහජන නියොජිතයෝ කිවුවට රනිල්ගේම නියොජිතයෝ නේද?
මෙ අසලම තිබෙන සමනොල කන්දට කුමක්ද කරන්නෙ?
මාවුස්සා කැලේටත් අරාබි වසන්තයක් උදා වෙන්න යන්නෙ. බොහොම හොදයි.
දියවන්නාඔයට හරක් ගොවිපළක් හදන්නත් දෙනවා නම් හොඳයි
මේ වගේ ව්‍යාපෘති සඳහා පාරිසරික වාර්තා ගන්නේ නැද්ද? මේවා පුද්ගලික ඉඩම් නොවෙයි.
ඔය ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලයට කරන්න බැරිද ඔය වැඩෙන් අපිට ලැබෙන්නේ ඉතාමත් සුලුම බිම් කුලියක් නේද
ලෝකයේ දියුණුම විශාල රටවල් උවද සංවේදී පරිසර කලාපයන් තුල සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යොදා ගන්නේ නැත, ලංකව කුඩා කුඩා රටකි.එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටකට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ලබාදුන් පසු වෙනත් රජයන් යටතේ උවද මෙවැනිම හෝටල් හෝ වෙනත් ව්‍යාපෘති ඉදිකිරිම සදහා අවස්ථව ලබාදීමට හැකියාව පවතී .එමගින් ක්‍රමයෙන් ලංකාවේ පවතින සංවේදී පරිසර කලාපය විනාශ වීම සිදුවේ, සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකින් කොපමණ මුදලක් ලැබුනද විනාශ වන පරිසරය නැවත නගා සිටුවීමට මුදලින් තක්ෂේරු කිරීමට නොහැක.
අනේ මන්දා .. මොනවා වෙනවද,මොනවා වෙන්න යනවාද කියලා තේරෙන්නේ නැහැ.විපක්ෂයේ අයත් කෑ මොර දුන්නාට හරි අවබෝධයක් ලබාගන්නට බැහැ.ඒ දිනවල ඉන්දියාවෙන් දුන්න ගිලන්රථ සේවයට මොනවද නොකිව්වේ.ඒත් දැන් ඒ ගැන මීක් නැහැ.ඒ නිසා කොයි දේශපාලන පක්ෂ වල අයත් නිතරම දඟලන්නේ තමන් බලයට එන්නයි.හැමෝම කියන්නේ තමන් විතරක් හරි.අනිත් ඔක්කොම වැරදියි කියලයි.ඒ දේ හරියට රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති කියනවා වගෙයි.හැමෝම කියන්නේ හැමෝම අංක එක කියලයි. ඒ වගේම,දේශපාලනයට ගැතිව බොරු කියන අයත් කියන්නේ,පැත්ත ගියත් ඇත්ත කියන අංක එකේ විශ්වාසවන්තම නාලිකාව කියලයි.ඒ නිසා කොයි දේශපාලකයා කිව්වත් රැල්ලට නොයා බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමයි වඩා හොඳ.
ඔබ කියන කථාව සහතික ඇත්ත. නමුත් මේ යථාර්තය තේරුම් ගන්න තරම් අපේ නායකයින් සංවේදී නැහැ. මේ පරිසර පද්ධතියේ වටිනාකම අරාබියේ ඔවුනට තේරෙන තරමින්වත් අප නායකයින්ට තේරෙන්නේ නැහැ. ඒක පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මොකද? ඔක්සිජන් කන්නද කියල අහපු නායකයින් සිටින රටක්නේ මේක.
කණ්ඩලම හෝටල ආරම්භයේදිත් මේ වගේ රට බයිලා කිව්වා. ඒත් ඒක අවසානයේ හොදම පරිසර හිතකාමී හෝටලයක් විදිහට හැදුවා. අපි බලමු මේකත් එහෙම වෙයිද කියලා. නැති උනොත් තමා ප්‍රශ්නෙ.