
(නිමල කොඩිතුවක්කු)
විදෙස් සංචාරකයින් ලක්ෂ 18 කට අධික සංඛ්‍යාවක් මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,828,831 ක් බව එම අධිකාරිය සඳහන් කරයි.
මෙම මාසය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 23,958 කි. මෙරටට පැමිණි සංචාරකයින් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 368,410කි.
රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ඕස්ටේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2023 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආර්ථිකයට හොඳයි
ඒ අනුව මේ වසර තුළ ලක්ෂ දහ නමයක පමණ පැමිණීමක් බලාපොරොත්තු විය හැක ඉදිරි වසරේ මීට වඩා වැඩිවේවා යැයි පතමු. රටට ආදරේ කරන සියල්ලගේ පැතුම එයයි.