(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ප්‍රකාශ කළේය.
අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
වැට් බද්ද නිසා අද සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවද මහාචාර්යවරයා පැවැසීය.
දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර කියවන්න එපා පීරිස් උන්නැහේ. මෙච්චර කල් ලෝකෙට ණයවෙලා සහන දුන්නු නිසා තමයි අපිට කෙලවෙලා තිබෙන්නේ. කවුරු බලයට ආවත් සහන දෙන්න බැහැ. රටේ පුරවැසියන් විදිහට අපිත් ඒක දන්නවා. මොකෝ ජෙප්පෝ බලයට ආවොත් සහන දෙවී කියලා හිතනවද? ඒ අයත් කියයි පටි තද කරගන්න කියලා. රට කෑවේ ජෙප්පෝ...
මට පුදුම දුකක් අපි ගැන තියෙන්නේ... පව් අනේ මෙයා..
මොහු දක්ෂයන් සමග බලයේ ඉද්දි දුන් සහන නිසා තමයි අපි තවමත් මැරෙන්නේ නැතුව ජීවිතය ගැට ගහගන්නේ .
මේ නාකි සීයා දැන් අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? කයිවාරුව මිසක කරපු දෙයක් තියෙනවද? මැරෙනකන්ම පාර්ලිමේන්තුවේ ඉන්නයි කල්පනාව . ලබන පාරවත් මිනිස්සු මෙයාවත් ගෙදර තියනවනම් තමයි හොඳ. කුහක කමට බයිලා කියවනවා . ලෝකෙට ණයවෙලා මෙතෙක් කල් මගුල් කාපු ඒවායේ පවු තමයි මේ ගෙවන්න වෙලා තියෙන්නේ. එනිසා අපිට සහන ඕන නැහැ . රට හරි මග ගෙනියනවානම් ඉබේම සහන ලැබේවි .
ගා.ල.පීරිස් මහත්තයෝ වත්මන් මුදල් ඇමතිවරයා නැත්නම් රනිල් කියන්නෙ ඔහේගෙ ගෝලයා නේද? ඉතින් තමුන්නැහැ ගෝලයින්ට හරියට අකුරු සෑස්තරේ ඉගැන්වීම කලානම් ඔහොම වෙන්නෙ නැහැනේ .ගෝලයො අනුගමනය කරන්නෙ ගුරුන්ගේ වැඩකිඩ තමයි .උන්නැහේ නුඹ නාඩං නුඹ නාඩං උඹට ඕව හොද පාඩම් කියන්නෙ ඕවට තමයි මහත්තයෝ
සහන එපා .වැඩ කරන උන්ට ආයෝජන ගේන්න
රට බංකොලොත් රටක් ව (ගත් විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි ව නොගෙවා සිටින) තිබිය දී සහන ඉල්ලා සිටින්නේ, පඩිය ගෙදරට නොදී, හැන්දෑවට ගෙදර ආවහම කෑම හොදට නෑ කියලා ගෑනිට ගහන ජාතියේ මිනිස්සු. ඔවුන් ම තමයි රට බංකොලොත් කලෙත්. උපාධිධාරීන්ට රැකියා දෙනවා කියා සෑහෙන පිරිසක් රජයේ සේවකයින් ලෙස බදවාගත්තා එක රුපියලක් වත් ආර්ථිකයට එකතු නොකරන ඉන් වැඩි දෙනෙකුට රැකියා පුහුණුව පවා ලබා දී මට සිදුවිය. (වෙනත් රට වල රැකියා පුහුණුව ලබා දෙන්නේ බන්ධනාගාර වලින් එලියට එන අයට.) දේශපාලකයින් ඒ තැනට යොමු කලේ රට බංකොලොත් කර හෝ සහන ඉල්ලා සිටින මේ පිරිසම තමයි.