
(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය කිරැලවැල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ දී තම මව්පියන්ට යකඩයකින් පහරදී කුරිරු ලෙස ඝාතනය කළැයි ඝාතනයට ලක් වූ යුවළගේ පුත්‍රයා සැකපිට අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ කිරැලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි වන්නි ආරච්චිගේ සරත් (58) නම්මුණි ආරච්චිගේ කාන්ති නැමැති පනස් හතර හැවිරිදි දෙදරු මාපිය දෙපළක බව පොසිය සදහන් කරයි.
මියගිය පියා වසර විස්සකට අධික කාලයක් යුද හමුදාවේ සේවය කරමින් සිටි විශ්‍රාම ලැබූ අයකු බවත් ඝාතක පුතා දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු ගංජා සන්තකයේ තබා ගැනීමක් හා මවට පහර දී බරපතල ලෙස හිසට තුවාල සිදු කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටියදි ඝාතනයට ලක් වූ මාපිය දෙපළ ඇප මුදල ලබාදී මීට දින කීපයකට පෙර මුදාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩැල්ලෝ ඇඳේ තියෙන්න එපා. දැන් ප්‍රමාද වුණා වැඩියි.
ෂුවර්ද නිරයටමයි ගියේ කියල? එහෙනං මෑන්ව අත්අඩංගුවට ගන්න පොලීසියටත් නිරයට යන්න වෙනවා.
මෙහෙමත් කාලකණ්ණි පුත්තු. ඉස්සර ඉන්දියාවේ තමයි මේ වගේ දේවල් අහන්න ලැබුණේ. දැන් ලංකාවෙත්. ඉතාම කනගාටුයි.
එලියෙ ඉන්න ඕන අය ඇතුලෙ.ඇතුලෙ ඉන්න ඕන අය එළියෙ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු නිසා අහිංසක මිනිස් ජීවිත විනාශ වෙනවා.අපරාදෙ කලාට පස්සෙ අපරාධකාරයන් පෙර කෙරුවාව බැලුවම උන් සමාජයෙ නිදහසේ ඉන්න ඕනෙ උන් නෙවෙයි.
දරුවන් නොමඟ ගියේ නම්, කොපමණ හැදුවත් ඔවුන් හැදෙන්නේ නැත්නම්, ඔවුන්ව අත්හැරිය යුතුයි. බුදුහාමුදුරුවන්ටත් බැරි වූ දේවල් තිබුණා. සුප්රබුද්ධ රජු වැනි ළඟම නෑයෝවත් බේරාගන්න බැරි වුණා.
කනගාටුයි ඒත් මේක තමන්ගේ දරුවන් ගැන මව්පිය වරුන්ට කියාදෙන හොඳ පාඩමක් .
දරු සෙනෙහස බොහෝම බලවත්. මවට පහර දීලාත් තියෙන දරු කැක්කුමට දෙමව්පියන් ඔහුව එළියට අරගෙන තියෙන්නේ ඔහු ගැන සානුකම්පිතව හොඳ මඟට ගත හැකියි කියන අපේක්ෂාව සහ බලවත් විශ්වාසය මත විය හැකිය. නමුත් ඔවුන් කළ වරද පුනරුත්ථාපන කඳවුරකට නොයවා ඔහුව නිවසේ රඳවා ගැනීමයි. මෙය ප්‍රචණ්ඩකාරී පුතුන්/දරුවන් සිටින දෙමව්පියන්ට හොඳ පාඩමක්.