(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ධූරය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් පවත්වාගෙන යන ලෙසට අභියාචනාධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය.

තම සභාපති ධූරය ඉල්ලා අස්වූවා සේ සලකා ඒ වෙනුවෙන් වෙනත් අයකු ඉදිරිපත් කිරීමට එරෙහිව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. පී. චන්දන කුමාර ජයවර්ධන ගොනු කළ රිට් පෙත්සමක් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ අද (25) මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, සඹරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මැවනැල්ල ප්‍රාදේශීය සභාව, සබරගමුව පළාත් පාලන කොමසාරිස්වරයා, කෑගල්ල තේරිම්භාර නිලධාරී ඇතුලු පිරිසක් නම් කරුනු ලැබ ඇත.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අයවැය පළමු වරට පරාජයට පත්වීම නිසා තමා ඉල්ලා අස්වූ ලෙස සලකා කටයුතු කිරීමට එරෙහිව පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණී.

මාවනැල්ල  ප්‍රාදේශීය සභාව සදහා ඉදිරිපත් වූ අය පරාද වීම හේතුවෙන් පෙත්සම්කරු සිය ධූරයේ ඉල්ලා අස්වූවා සේ සලකා එම තනතුරට ආණ්ඩුකාරවරයා විසින් වෙනත් අයකු පත්කරනු ලැබ ඇති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ එම තීරණය නිතියට පටහැනි වන අතර, එම ක්‍රියාකලාපය ද්වේශසහගත එකක් බවත්, නිතිගරුක නොවන බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

ඒ හේතුවෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත්, තමා තනතුරින් ඉවත් කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.