මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් මහතාගේ ධූරය 2023 පෙබරවාරී මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් තාවකාලිකව අත් හිටුවනු ලැබීය.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව 2023/02/14 දින අංක 2319/38 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ධූරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.
1989 අංක 12 දරණ පළාත් සභා (ආනුෂංගික විධි විධාන) පනතේ දෙවන වගන්තිය සමඟ කියවිය යුතු සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 (3) (අ) (i) වගන්තිය යටතේ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙය ක්‍රියාත්මක කර ඇත.
එම පනතේ ඉහත වගන්තිය ප්‍රකාරව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ කෝරලේ ගෙදර පියතිස්ස මහතා පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාවනැල්ල සභාපති ඉවතට