(නිමන්ති රණසිංහ)
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා චීවරධාරින් යැයි සමහරක් පෙළපාලි ගිය එක මුලු ලොවම දුටු නිසා හිතන්න ඇති කැඩුව බුදුපිළිමෙන් ශාසනයට වුණු හානියට වඩා ඒ පෙළපාලි ගිහිල්ලා ඒ හැසිරුණු ආකාරයෙන් වුණු හානිය ඉතා දරුණුයි කියලා...!!
ගෝල්ෆේස් අරගල කරන අයට සතුටුද දැන්?
ඉතින් පාස්කු ප්‍රහාරය ගැන තව මොනවද කියන්න තියෙන්නේ...?
ඉතින් නීතිපතිවරයා නඩුව ආරම්භයේ දිම ඔය කාරණය ගරු අධිකරණයට දැන්වුවනම් ඉවරනෙ. නිකරුනේ අහිංසක මිනිසුන් වසර තුනක් රඳවගෙන හිටියෙ. බලාගෙන ගියහම ඊයෙ 148-65 ට පාර්ලිමේනතුවෙ ඇතුළෙ අයට අමතරව පිට අයත් දායක වෙලා වගෙයි පේන්නෙ. ඉන්න හිතෙන රටක්?
බොරුවට අත්අඩංගුවට අරගෙන උණුසුම ගියාම එළියට දානවා. රංජන් ඒ ඇත්ත කිව්ව නිසා අද හිරේ ඉන්නේ ඒකයි.