IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මවට පහරදී දියණිය පැහැරගෙන ගිය සැකකරු කොටුවෙයි

 (ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

උඩුගම, ගොනදෙණිය, ඇස්ටොප්වත්ත ප්‍ර දේශයේ දි මවගේ අත් පා බැද විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදි  ඇය බලහත්කාරයෙන් පැහැගෙන යාමේ සිද්ධියට  සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සෙල්ලකතරගම, හා ගාල්ලේ දි අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.

 ප්‍රධාන  සැකකරු තවත් තිදෙනෙකු සමග  මෙකි කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ මවගේ අත්පා ගැට ගසා කුලිපදනම මත ලබාගත් වැගන්ආර් වර්ගයේ රථයකින්  ඇය පැහැරගෙන ගොස් ඇති බැව් පොලිසිය පවසයි.

කාන්තාව පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු සෙල්ලකතරගම ප්‍ර දේශයේ නිවසක මෙකි කාන්තාව සමග සිටියදි අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 58 හැවිරිදිවියේ පසුවන ගල්රොල් රථ රියදුරෙකි. මොහු සමග පැමිණි අනික් සැකකරුවන් තිදෙනා ගාල්ල කුරුන්ද ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

පැහැරගත්  කාන්තාව  එක්දරු මවක් වන අතර  ඇයගේ නිත්‍යානුකුල සැමියා ඇයගෙන් වෙන්වි ඇත.

 



අදහස් (0)

මවට පහරදී දියණිය පැහැරගෙන ගිය සැකකරු කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site