(රුක්මන් රත්නායක)
වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එකම පුතු මව මියගොස් භූමිදානය කළ පසු රෝහලට පැමිණ තොරතුරු සොවීමේ පුවතක් ලුණුගම්වෙහෙර රෝහලෙන් වාර්තා වේ.
කොළඹ රාජගිරියේ පදිංචිව සිටි මෙම මව කලක් මැදපෙරදිග රැකියාවක නිතරව සිට ඇති අතර පසුව වීරවිල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට පැමිණ ඇත. එහිදි පාදයේ ඇතුවූ තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇත.
වසර කීපයක් තිස්සේ රෝහලේ ප්‍රතිකාර ගත් මෙම මාතාව නේවාසිකව ප්‍රතිකාර ගනිද්දී ඇගේ එකම දරුවාට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් ඔහු පැමිණ නැත.
පහර පහකට ආසන්න කාලයක් ප්‍රතිකාර ගනිමින් සිටි මෙම මාතාව හදිසියේ මියගොස් ඇති අතර ඇයට ඥාතීන් කිසිවකුත් නොමැති නිසා වසර ගණනක් රැක බලාගත් රෝහල් කාර්ය මණ්ඩලය අවසන් කටයුතු සිදු කර ඇත.
මව මියගිය පසු ඇගේ එකම පුතු රෝහලට පැමිණි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මවු සෙනෙහස නොදුටු පුතෙක්
මහේෂ් Tuesday, 13 December 2022 01:28 PM
අනේ මෙහෙම දරුවෝ. අම්මා කෙනෙකුගේ වටිනාකම නොදත් දරුවෙක්. දැන් ඔබට මේ මේ කාරණාව ජීවිතේටම හිතට දුකක් දෙන කාරණයක් වෙයි. අම්මා කෙනෙකුට ඒ දැනුන දුක මොනතරම්ද කියලා ඔබට තෙරුනනම් ඔබ අම්මා බලන්න නොගොහින් ඉන්නේ නෑ. පව් අසරණ අම්මා... ඔබ තුමියට නිවන්සුව පතමු... සසර වසනතුරු ගුණවත් දරුවන් ලැබේවා. මෙවැනි දුකක් නොවේවා. රෝහල් කාර්යමණ්ඩලයට අපගේ ගෞරවය පුදකරමු.
Ruwan R Tuesday, 13 December 2022 03:32 PM
පුතා කරපු දේ අනුමත කරන්න බෑ. ඒ්ත් සිදුවීම පිටිපස අදුරු කතාවක් තියෙන බව පේනවා. :මෙම මව කලක් මැදපෙරදිග රැකියාවක නිතරව සිට ඇති අතර පසුව වීරවිල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට පැමිණ ඇත.: කාන්තාවන් මැදපෙරදිග සේටයට යෑම හෝ යැවීම ඒක්ක බැදුනු තවත් ඛේදනීය කතාවක් වගෙයි.