
(පියදාස සමරවීර)
වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වැලිඔය පොලිස්ථානාධිපතිවරයා පෞද්ගලිකව පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා නියෝග කළේය.
මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
තවද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ පරීක්‍ෂණයක් සිදුකොට වාර්තාවක් කැඳවීමට ද පරිවාස නිලධාරවරයාට ද මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා වැඩිදුරටත් නියෝග කළේය.
වැලිඔය හැලඹවැව ගමේ සැකකරුවකුට ඇප වී සිටී සැකකරුගේ බිරිද වරෙන්තු නිකුත් කිරීම නිසා අත්අඩංගුවට ගොස් සැකකාරිය නොසිටි නිසා මෙසේ 08 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවා පමණක් අත්අඩංගුවට ගැනීම නිසා පොලිසිය දරුවාගේ අයිතිවාසිකම් කඩකර ඇති බවත් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවත් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සමස්ත නීතිය මණ්ඩලයම අධිකරණයේ දී වැඩිදුරටත් කියා සිටියහ.
COMMENTS
පොලිසියේ තියෙන්නේ අමුතු නීති තමයි දේශබන්දු අත්අඩංගුවට ගන්න බැරිව අන්තිමේ දේශබන්දුගේ විස්කි බෝතල් අත්අඩංගුවට ගත්තා ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න නියෝග තියෙනවා. මේ දක්වා සොයාගන්න බැහැ. සංජීව ඝාතනයේ මහමොලකාරි ඉෂාරා සෙව්වන්දි අදටත් සොයාගන්න නැහැ. දුප්පත් පවුලක කෙනෙක් නම් දුවලා ගිහින් අත්අඩංගුවට ගන්න බැරිවුණා නම් පවුලේ කෙනෙක් කුදලාගෙන යනවා. ඒක තමයි මෙතැන කරලා තියෙන්නේ.. ඒකෙන් නම් පොලිසියේ හොට පැටලුණා ළමයින්ගේ අයිතිවාසිකම් කඩකිරිමක් මෙතැන සිදුකර තිබෙන නිසා පොලිසියේ ඕඅයිසි විතරක් නොව අත්අඩංගුවට ගන්න ගිය සියළු දෙනාට එරෙහිව ගරු අධිකරණයේ නඩු පැවරිය යුතුයි. යම් වන්දියක් ගෙවනවා නම් පෞද්ගලිකව ගෙවිය යුතු බවට නියෝගයක් ඉල්ලා සිටිය යුතුයි. නැත්නම් පොලිසිය ගොඩගන්න බැහැ...
අන්න හොඳ වැඩ. පොලිසියත් නීති පිළිපදින්න ඕනෑ.
මාලිමා ආණ්ඩුවක් ආවාම පොලිස්සියේ මහත්තුරුත් හැසිරෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක වගේම තමයි, අපේ වාසනාවට අධිකරණය ස්වාධීනයි, නැත්නම් අපට අහන්න වෙන්නේ ආණ්ඩුවේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක කොල්ලා ආයුධ පෙන්වන්න දක්කාගෙන ගිය කතාව...
මේ රෙජීමයේ හිටපු පොලිස්/ සේවා නිලධාරීන් හැමෝම ඉහළ තනතුරු දරනවා. ඔවුන් හැකි තරම් පුරසාරම් දොඩනවා. තඹුත්තේගම මිනිහා සහ සාමාන්‍ය පොලිස් සේවය සහ රජයේ ව්‍යාපාර වගේ, උදාසීන, අකාර්යක්ෂම සහ කම්මැලි මිනිස්සු පිරිසක්. මේ මනුස්සයා වේදිකාවට ගොඩ වුණාම, ඔහු බලගතු දෙවියෙක් වන ශක්‍රයාට දෙවැනි නැහැ. පෑනකින් අත්සන් කරන එක විතරයි....
අපි හිතුවේ 8 පාස් ඇති කියලා . බලනකොට ඒකත් පාස් නැහැ .පව්
මේ පුවතේ හැටියට කිසිම දේශපාලනයක් ගෑවිච්චි පාටක්වත් නෑ. හැබැයි රතුපස්වල වෙච්චි ඝාතනය වගේ දේවල් වෙද්දී අගුණරත්නගේ පදිංචිය, හුදකළා වෙච්චි වෙන රටක වෙන්න ඇති...
ඔය මනුස්සයාගේ පෞද්ගලික මුදලින් ලොකු වන්දියක් දරුවාට අරන් දෙන්න. රජයෙන් එක සතයක් දෙන්න එපා...!