(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය හල්මිල්ලෑවේ දී යතුරු පැදියකින් ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනකු ඉදිරියට ආ දළ ඇතකුගෙන් බේරීමට යතුරු පැදිය දමා අසල නිවසකට දිව ගිය අවස්ථාවේ ඇතා යතුරු පැදිය පාගා විනාශ කර ඇතැයි පුත්තලම වනජිවි පාලන ඒකකය පැවසිය.
සිසුන් දෙදෙනා අසල නිවෙසකට දිව ගොස් ඇති අතර යතුරු පැදිය විනාශ කළ ඇතා එම නිවෙසට ද පහර දීමට උත්සහා කළ අවස්ථාවේ අසල නිවෙසක අයකු අලි වෙඩි පත්තු කර අලියා පලවා හැරීමට උත්සහ කර ඇත.
එසේ නොවන්නට කුපිතව සිටි ඇතා සිසුන් දෙදෙනා දිවි ගලවා ගැනිමට සැගවි සිටි නිවසටද පහර දී තවත් විනාශයක් කිරීමට ඉඩ තිබු බව ප්‍රදේශවාසිහු පවසති.
අදාල පාසල් සිසුන් දෙදෙනා ගුරුවරියක වන මව රැගෙන ඒමට කොට්ටුකච්චියට යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක අසරණ දරුවන්ට සංචරණයේ නිදහස වත් භුක්ති විඳින්න තරම් ඉඩහසර නොමැති තරමට මූලික මානව හිමිකම් අහිමිවෙලා නම් මේ දරුවන්ගේ අනාගතයට වගකීම බාරගන්නේ ඇත්තටම කවරෙක්ද?