(කාංචන කුමාර ආරියදාස)
තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත.
පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත.
දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත .
" අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි ,මම පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ ."කාන්තාවගේ පිළිතුර වී තිබේ ,
මෙම අරුම පුදුම ප්‍රකාශය ගැන මව ගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරන්නට වූයේ මාව කියන දේ හිතාගැනීමට නොහැකි වූ නිසාවෙනි.
පසුව මෙම මව පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දරුවා තුන්වැනි වසරේ ඉගෙන ගන්නා බවත් රාත්‍රියේ කලින් නින්දට යන ලෙස දැනුවත් කළද ඔහු නිදා නොගෙන වීවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් අනෙක් දරුවන්ට නිදාගැනීමට නොදී උසුළු විසුළු කරන බවත් මව සහ පියාට ද නිදාගැනීමට නොදී කරදර කරන බව ප්‍රකාශ කොට තිබේ.
මෙම නිවසට පොලිසියෙන් යන විටත් රාත්‍රී නමය ආසන්න වී තිබුණු නිසා මෙම දරුවාට නිදා ගැනීමට පවරා ඇත්තේ රාත්‍රී කුමන වේලාවටද පොලිසිය විමසා තිබේ.
එහිදී මව ප්‍රකාශ කොට ඇත්තේ සවස හයයි තිහට පමණ දරුවන් නිදා ගත යුතු බවය . කලින් ආහාර පිස ඔවුන්ට ලබාදී නිදිකර කරවීම සිදු කරන බවත් 3 වසරේ දරුවා ඊට අවනත නොවීම නිසා ඔහු නිදි ගැන්වීම්ට පොලිස් නිලධාරීන් ගෙන්වා බිය ගැන්වීමට තමන් මෙම දුරකථන ඇමතුම ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
මෙම මවට දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙවැනි සුළු සිද්ධීන්වලදී පොලීසියේ කාලය මෙන්ම පොදු මහජනතාවගේ මුදල් මෙයාකාරයෙන් වියදම් වන බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත පිටව ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මව මානසික වෛද්‍යවරයෙකුට පෙන්වීම වඩා සුදුසුයි. ඇයගෙන් මේ දරුවාට යම් හානියක් සිසුවීමේ අවදානමක් ඇති.වගක් පෙනේ
මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වීමට අමතරව, මෙම මවගෙ අනියම් සම්බන්තාදවක් තිබීමට පුලුවන්. තවඩ මෙයාගෙ ස්වාමියාද මෙම කතාවට ඈදී නැත.
පොලිසියේ අයියා කෙනෙක් දැනහඳුනාගන්න ආසාවෙන් ඉන්න අය තමයි, ඔයවගේ දේවල් කරන්නේ...!
මෙයාගේ පොඩිකාලේ ඉඳලාම ඇඟේ තරමට මොලේ වර්ධනය වුණේ නැහැ. කටයි, ඇඟයි විතරයි... දෙමව්පියන් දොස්තරලාගෙන් උපදෙස් ගත්තත්, කියලා තිබ්බේ මොලේ වැඩෙන්නේ නෑ කියලාලු...