
(චමිලා අල්විස්)
වයස අවුරුදු 14ක් වන තම දියණිය හපා කා කාලයක් තිස්සේ කෘරත්වයට පත් කරමින් පහරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම දැරියගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට සහ කෘරත්වයට ලක්වූ බව කියන දැරිය හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම සිද්ධිය අනාවරණය වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දැරිය මේ වන විට ප්‍රතිකාර ලබන අතර, ඇය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටද කටයුතු කර ඇත.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දැරියගේ සිරුරේ දක්නට ලැබුණු තුවාල සහ ඇය විසින් ලබාදුන් තොරතුරු මත අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.
මව විසින් කාලයක් තිස්සේ දැරියට නිරන්තරයෙන් පහරදී ඇති අතර, හපා කා තුවාල සිදුකරමින් කෘර ලෙස සැලකූ බවටද අනාවරණය වී ඇත. එම කෘර සැලකීම් හේතුවෙන් දැරිය දැඩි මානසික පීඩාවකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd