IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මව් කිරි දීමේ මාසයක් නම් කරයි

(අංජුල මහික වීරරත්න)

ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගැණුනි. මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකල කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරි දීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන් ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මව්කිරි දීම ළදරුවාගේ මෙන් ම මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත්වන වන බවත්, දරුවා සහ මව අතර ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමටත් මව්කිරි දීම බෙහෙවින් ඉවහල්වන බව අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම මව්කිරි මගින් ළදරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ ලැබෙන අතර එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වී කෙටිකාලීන සහ දිගු කාලීන විවිධ රෝග පිළිබද අවධානම අඩුවන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

 



අදහස් (2)

මව් කිරි දීමේ මාසයක් නම් කරයි

Chaminda Thursday, 14 August 2025 10:28 PM

යකෝ මාසයෙන් බාගයක් ගියාට පස්සේ ද නම් කරන්නේ.? ඒකෙනුත් 50% වැඩ තමයි ආන්ඩුවේ.. ?

:       0       1

Bunny Preena Friday, 15 August 2025 09:52 AM

අවුරුද්දේ හැම මාසෙම ලංකාවේ දරු උපත් සිදුවෙන බව අමාත්‍යාංශයේ අය දන්නෙ නැත්ද? සීසන් එකට රඹුටන් හැදෙනවා වගේ කියලා හිතුවද දන්නෙ නෑ. කොහොම උනත් කමක් නෑ, අවුරුද්දේ හැම මාසෙම මව්වරුන් දරුවන්ට කිරිදෙන මාසය හැටියට නම් කිරීම වඩාත්ම හොඳ, බුද්ධිමත්, ගෝචර ක්‍රියාවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site