IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළහ.

මහ කොමසාරිස්වරයා දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවයට මැලේසියාවේ කැපවීම යළිත් තහවුරු කළේය.

ආයෝජන අවස්ථා, විදුලි සංදේශ සහ මෝටර් රථ එකලස් කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව සහ මැලේසියාවේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ තිළිණි ඉහළගේ මහත්මිය ශ්‍රී ලංකා දූත පිරිසට එක්ව සිටියහ. 



අදහස් (0)

මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site