
(රංජිත් රාජපක්ෂ)
සෞඛ්‍ය අංශයේ අනුමැතියකින් තොරව නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක පැවැත් වූ මල්වර උත්සවයක් නතර කර එම උත්සවයට සහභාගි වු 48 දෙනකු මේ මස (28) දින දක්වා ඔහුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධානයට යොමු කළ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි.
නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ මල්වර උත්සවයක් පවත්වන බවට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද පැමිණිලි කිහිපයක් මත මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙම වැටලීම කර ඇත.
නොර්වුඩ් ප්‍රදේශයේ කොවිඩ් 19 අසාදිතයන් විශාල පිරිසක් මේ වන විට හදුනාගෙන අසාදිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තවත් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබියදි අනුමැතියකින් තොරව මෙවැනි උත්සව පැවැත්විමට ඉඩ ලබා දිය නොහැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සවය තිබ්බ ස්ථානයේම නිරෝධායනය කළා නම් තමයි හොඳ... හොඳට කන්න පුළුවන්...
වැඩේ හොඳයි. වගකීමක් නැති මිනිස්සු. හැබැයි ඉතිං කෝවිඩ් පොසිටිව් වෙලා මැරිච්ච රජාලගේ මළගෙදර ආව අයට ඔය නීතිය නැහැනේ...
මල්වර දෝනිත් එක්කම ඔක්කොම එක කාමරේ දාලා දවස් 14 ක්... මෝඩයින්ට නියම දඬුවම....
මේ මිනිස්සුන්ට කොවිඩ් විතරක් නොවේ... අං තියෙනවද කියලත් බැලුවොත් නරකයිද?
ඕක චාරිත්‍රයක් නොවෙයි... සල්ලි හොයන වැඩක්...