(ලක්ෂ්මී ජයකොඩි)
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමාන යැයි තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී වි විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීම පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර තිබුණු නිවේදනයේය.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් විණි.
ආණ්ඩුව විසින් කඩා බිඳ දැමු ස්මාරකය ඉදි කරනු ලැබුවේ මුල්ලිවයික්කාල් අවසන් මෙහෙයුම් වලදි මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරිම සඳහාය. කෙසේ වෙතත් මෙම ස්මාරකය විනාශ කළ යුතු බවට ආණ්ඩුවේ ඉහළින් එල්ල වු බලපෑම මත විශ්ව විද්‍යාලයේ පාරිපාලනය විසින් මෙම ස්මාරකය හමුදා ආරක්ෂාව මධ්‍යයේ කඩා බිඳ දමා තිබේ.
පසුගිය කාල වලදි දෙමළ ජනතාවට සිදුවු අසාධාරණයන්, අයුක්තීන්, හා සිදුවු බව කියන ජන සංහාර පිළිබඳ සැමරුම් ස්මාරක සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීය යුතුය යන්න වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව තිබේ. එහි එක් කාර්යයක් ලෙස මෙම ස්මාරකය විනාශ කර ඇත. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන භායානක සැලසුම් වලින් එකක් මෙය විය හැකිය. මෙවැනි භායනක සැලසුම් තවත් වත්මන් ආණ්ඩුවට තිබෙන්නට පුළුවන.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් යුද්ධයෙන් මිය ගිය තම සහෝදර සහෝදරියන්, ඥාතීන් සිහිපත් කිරිමට ඉදි කර තිබුණු ස්මාරකයක් ආණ්ඩුව විසින් එකම රැයකින් කඩාබිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැගීම් සම්පුර්ණයෙන්ම සුනුවිසිණු කර දැමීමකි. මෙවැනි ක්‍රියාමගින් කිසිවිටෙකත් රටේ සංහිදියාව ඇති කළ නොහැකිය. එමෙන්ම මෙය හමුදා මර්දනයේ එක් මුහුණවරක් ලෙසද පෙන්වා දිය හැකිය. තවද මෙම තත්ත්වය අප ජනතාවගේ භිතියේ කුටප්‍රාප්තියක් ලෙසද පෙන්වා දෙන්නෙමු.
යාපනය විශ්ව විද්‍යාලයේ එම ස්මාරකය කඩාබිඳ දැමීමෙන් පසුව විශ්ව විද්‍යාල සිසුන් හා අවට ජනතාව බියපත් වන ආකාරයෙන් එම පරිශ්‍රය ආශ්‍රීතව හා අවට දැඩි ආරක්ෂක අංශ යොදවා තිබීම මගින් හමුදාවේ තවත් භායානක මුහුණවරක් පෙන්වා ඇත. මෙයාකාරයෙන් විශ්ව විද්‍යාල අවට හමුදාව රැඳවිමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. එම ස්ථායෙන් හමුදාව ඉවත් විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන හැටියට මෙය රට තුළ නැවත ජාතිවාදය ඇතිකර, ඒ තුළින් යම් ලකුණු දමා ගැනීමකට යම්කිසි පාර්ශවයක් විසින් කරනා ලද නින්දිත සහ සූක්ෂම ක්‍රියාවක්. ජාතිවාදය අවුස්සා රටේ මේ වනවිටත් පවතින දැවෙන ප්‍රශ්න, ජනතාවගෙන් ඈත්කර දැමීමට ගන්නා නීච උත්සාහයක් විය යුතුයි...
ත්‍රස්තවාදී ස්මාරකද ත්රස්තවාදීන් මෙන්ම.., විනාශ කළ යුතුයි.
මෙයා සිංහල මිනිස්සු එක්ක පුදුම වෛරයක් තියෙන්නේ.
සරසවි විද්වත්තුන්ගේ හැර සරසවි භූමිය තුල කිසිම ස්මාරක ඉදි නොකළ යුතුය.
හිඟන දේශපාලකයින් ඔහොම තමයි. ප්රභාකරන් හිටපුු පැත්තටම යන්න...
යාපනය පැත්තේ පුරාවිද්‍යා වස්තු විනාශ කරන කොට මෙයා හිටියේ කොහෙද? අනික විශ්ව විද්‍යාල කියන්නේ ස්ථිර වාසස්ථාන නොවෙයිනේ. අවුරුදු හතරෙන් විසිර යනවනේ... ඉතින් අත්හැරලා යන තැනක සිහිවටන තනන්නේ මොකටද?
අනේ...!!! ඉන්න ඉන්න කියලා හමුදාවට බැගෑපත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙයි..., ගංවතුර සුළි සුළං එනකොටයි තමයි.
මෙම ස්මාරකයෙන් මතු කරන්නේ දෙමළ ජනතාවගේ වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ හැඟීම නම් එය එක රැයකින් සුනුවිසුණු කිරීම අපි ලත් තවත් ජයග්‍රහණයක්. එය එසේ වියයුතුයි...