(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා අද(24)දා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
මෙම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මලල ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ඔවුන් දෝහා බලා පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන් අද(24)දා රාත්‍රී 09.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.

COMMENTS
සුබ පැතුම් හදවතින්ම ශ්‍රි ලංකා අභිමානය දසත රැව් දෙන්නට වරම් ආශිර්වාදය ලැබේවා දරුවනේ
සුභ පැතුම්