(යොහාන් භාසුර)
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) කිරිඳිවැල ඩිපෝවට අයත් කටුනායක - ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙක් මුදල් වංචා චෝදනාවකට රාජකාරි අත්හිටුවීමට ලංගම පාලන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
එම බස් රථයේ අදායම පිළිබඳව ඇති වූ සැයක් මත චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයා ඉවත්කර වෙනත් කොන්දොස්තරවරයෙක් යෙදවීමෙන් පසුව ආදායම දෙගුණයකට ආසන්න වී ඇති බවත් ඒ අනුව චෝදනා ලාභී කොන්දොස්තරවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන ගණන් හොරකම් කරන දේශපාලන බලවතුන් යෙහෙන් වැජඹෙන රුපියල් දාහක් දෙදාහක් හොරකම් කරපු මිනිහා දඬුවම් විඳින අපූරු දිවයින ශ්‍රී ලංකාව..
ඔය මිනිහා ඔය හොරකම ඉගෙන ගන්න ඇත්තේ ඩිපෝවේ කොන්දොස්තරලාගෙන්... එහේ අය හරිම හොරු. මම දෙවතාවක් එහෙම දේවල් වලට හසුවී තියෙනවා..
නොම්මර එකේ වැඩ තමයි මෙහෙ තියෙන්නේ... මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් සහ දේපළ කාබාසිනියා කරන හැත්තට ඔය කිසිම වසංගතයක් නැහැ. අහිංසක මනුස්සයෙක් මොකක්හරි කරලා තිබුණොත් තමයි වැඩේ වෙන්නේ...
මේ කොන්දොස්තරට තාක්ෂණ දෝෂයෙන් හෝ අධ්‍යක්ෂකලාගේ අත්සන් නොමැති හේතුවෙන් හෝ නිදහස් වෙන්න බැරිද?
කිව්වත් වගේ ඔන්න ඔහේ නම් සර් අන්තිම හොරාත් ඇල්ලුවා. දැන් ඉතින් රට හදන්න පටන් ගනීවි.
මගේ නෑදෑයෙක් හිටියා ලංගම කොන්දොස්තර කෙනෙක් වෙලා. මෑන් වැඩ ඉවර වෙලා ගෙදර යන්නේ හතර ගාතෙන්. බස් එකේ යන අඳුනන මිනිස්සුන්ට ටිකට් කඩන්නේ නැහැ. ඒ වුණාට සල්ලි ගන්නවා. හවසට ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා යාලුවෝ එක්ක හොඳටම බොනවා.