(නිමන්ති රණසිංහ)
ත්‍රීකුණාමල එල් ඕ එල් සී මුල්‍ය ආයතනයට ව්‍යාජ රත්‍රන් තොගයක් උකස් කර රුපියල් කෝටි එකහමාරක වංචාවක් සිදුකළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අංගුවට ගත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් මොහොම් ෆයාස් මහතා අද (21) නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 214, ඒ, රඹුකේ ඇළ, විලාන ගම, මහනුවර පදිංචි මොහොමඩ් කලීල් මොහොමඩ් දිල්ෂාන් නමැති (ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට ගෙන්වන) ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ත්‍රිකුණාමලය කින්නියා එල් ඕ එල් සී මුල්‍ය ආයතනයේ කළමණාකරු ඥාණසේකරන් ජෝ ඩෙරික් නමැත්තා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උකස් ගන්නකොට රත්‍රන් හරිද, හොර රත්‍රන් කියලා බලනවනේ.?