
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙක් පැවසීය.
දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දෙන බව ඔහු කියා සිටියේය.
ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බ්න්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරිමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරිම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ඩයස්පෝරාව එක්ක දීග ගිහින් බල්ලන විදිහට නැමිලා ඉන්න වෙනව වගේ තමයි වෙන වෙන අය එක්ක කන දීගත්. තමන්ගේ බලයට හොඳයි. කාලා නාලා යයි. අන්තිමට ප්‍රශ්න ඉතිරි වෙන්නෙ රටට. ලොන්ඩරි කම්කරුවන් කලබලවිය යුතු නැ. නිමට කිව්වෙ.
තොණ්ඩමන්ව කහ වතුරෙන්, කිරි කලෙන් නාවලා ගත්තා. දැන් එයත් NPP වගේම අති පිරිසිදු කෙනෙක් උනා. දැන් තොණ්ඩා හොඳායි. දැන් ඉතින් ඩොබීලා ටික හෝදපල්ලකෝ, thinadage ඒවත් අද ඉදන්
මළිමා ගැත්තා එදා මහින්ද රාජපක්ෂ කම්කරු කොංග්‍රසය එක්ක බුදියන කොට ඔයා කෝමා තත්ත්වයේ ද හිටියේ?
මොන ලැජ්ජ නැති වැඩක් ද මේ? නායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝලයෝ මාලිමාවේ මන්ත්‍රීලා වෙලා. දෙගොල්ලන්ම බලයට මොකා එක්ක හරි ඉන්නවා.
තොන්ඩමන් පරම්පරාව වතුකරේ දෙමළ ජනතාව පාගාගෙන වහල්ලු වගේ තියාගෙන ඉන්නවා කියලා පහුගිය මහ මැතිවරණෙදී ජනාධිපතිවරණෙදී එහේ ගිහින් කෑ ගහපු අය නේද මේ අද තොන්ඩමන්ගේ පිහිටෙන් ප්‍රාදේශීය සභා පිහිටුවන්නේ? කෝ මේ හෝදන බලකාය?
ඕක මොකක්ද? කසාද බඳින වෙලාවෙත් බඳින කෙනා කවුද කියලා හොයපු නැති එක...