
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සභාවේ සම්ප්‍රදායන් අප රැකිය යුතුයි. අද රෙගුලාසි ඉදිරිපත් කරන විට ඇමති හෝ නියෝජ්‍ය ඇමති එය ඉදිරිපත් කළ යුතුයි.දැන් මේවා ඉදිරිපත් කළේ පසු පෙළ මන්ත්‍රීවරයෙක්.එතුමා ඒක හොඳට කළා. ඒක වෙනම කාරණයක්. මේ වගේ දේවල් කලාම විපක්ෂයේ අපට ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න බැරි වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දූෂණ වංචා ගැන විගණනය කිරීම් සම්බන්ධ නියාමන කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.මේ රජය ජනතාව දුන්න වරම ආරක්ෂා කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යල් පැන ගිය සම්ප්‍රදායන් වෙනස් කළ යුතුයි. දැන් උගත් පාර්ලිමේන්තුවක් තියෙන්නේ හැමෝටම අදහස් දැක්වීමේ අයිතිය තියෙන්න යුතුයි. ඔවුන්ද මහජන නියෝජිතයෝ.
ඇයි දැන් තමුසෙට මොනවද අඩු උනේ පසු පෙල මන්ත්‍රිවරයෙක් රෙගුලාසි ඉදිරිපත් කලා කියලා, ඔය සම්ප්රදාය හදාගෙන තියෙන්නේ දේශපාලනයේ ප්‍රබලයන් කියා ගන්නා එවුන් උවමනා විදියට. පාර්ලිමේන්තුවේ ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු අරගෙන තමන්ගේ ලොකු කම් රටට පෙන්වන්නයි එහෙම කෙරුවේ. ඒ සම්ප්රදාය කඩන්න තමයි මාලිමා ආණ්ඩුවක් අපි හැදුවේ. එවා එහෙම වෙනකොට තමුසෙලාට බොහොම රිදෙන බවත් අපි දන්නවා.
සම්ප්රදාය රැකුනොත් ඇති , රට වලපල්ලට ගෙනිහිල්ලා රකින සම්ප්රදාය ජනතාවට වැඩක් නැහැ.
බේරුවල මුස්ලිම් මිනිස්සුත් ඡන්දය දුන්නේ නෑ මෙයාගේ පක්ෂයට, මුස්ලිම් මිනිස්සුට කරපු දෙයක් නෑ ඒ අයවත් කෑවා.
මිරිස් වීරයා මිරිස් කුඩු ගහනකොට, අරක්කු ජොනියා පුටුවලින් ගහනකොට මුන්නැහේට කෝමාද?
අම්මපා ඇත්ත නේන්නං, කුණුහබ්බ කියන්නෙ නෑ, මිරිස් කුඩු ගහන්නෙ නෑ, පුටු වලින් ගහගන්නෙ නෑ, සබාව මැද්දෙ නිදාගන්නෙ නෑ, සෙංකෝලෙ උස්සං දුවන්නෙ නෑ…, මෙහෙම කොහොමද පාර්ලිමේන්තුවක් ගෙනියන්නෙ?
සම්ප්‍රදායට අනුකූලව අවුරුදු හැත්තෑ ගානක් කරානේ.