
(තිළිණි ද සිල්වා)
ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් සදහා මෙල්බර්න් සිට කොළඹ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ඍජු ගුවන් ගමන් මගින් තොග 9 කින් සමන්විත ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව මෙල්බර්න්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කියා සිටී.
මෙම උපකරණ දකුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියාව ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංගම් සහ හිතවතුන් විසින් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ බවද ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කියා සිටී
පරිත්‍යාග කළ උපකරණ අතර දිවි ගලවා ගන්නා උපකරණ අතර, නාසයෙන් ලබාදෙන අධි ධාරා ඔක්සිජන් යන්ත්‍ර, ඔක්සිජන් සාන්ද්‍රක, ස්පන්දන ඔක්සිමීටර, බීඅයිඒපී යන්ත්‍ර, සීපීඒපී යන්ත්‍ර, ඉන්ෆියුෂන් පොම්ප, ඩයලිසිස් යන්ත්‍ර, නාසික කැනියුලා ඔක්සිජන් ලබා දීමේ මුහුණු ආවරණ, ඔක්සිජන් මුහුණු ආවරණ සහ රුධිර පීඩන මොනිටර යනාදිය වේ.
මෙම භාණ්ඩ තොග රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සහනදායී මිලකට ගුවන් ප්‍රවාහන සේවා ලබා දුන් අතර, එම උපකරණ නිෂ්කාශනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම විදේශ අමාත්‍යාංශය විසින් පහසුකම් සලසා දෙන ලදී.
මෙම ඉතා දුෂ්කර කාලසීමාවේ දී, ශ්‍රී ලංකාවේ වටිනා ජීවිත බේරා ගැනීම සඳහා සිදු කල මෙම පරිත්‍යාග ලබා දීමේ සම්බන්ධයෙන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සියළුම සංගම් සහ හිතවතුන් වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනුවෙන් දායක වූ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි..
දායකත්වය ලබාදුන් සහ නන් අයුරින් මේ සඳහා උදව් කළ සැමට අපගේ ප්‍රණාමය... අති විශිෂ්ඨ උදව්වක්... ඔබ සැමට පින්...!!!
ගොඩක් පිං. ස්තුතියි.
මෙල්බර්න් ඉන්න නිදහස් අධ්‍යාපනය ලැබු දොස්තරලාද එවලා තියෙන්නේ
පරිත්‍යාගය හේතුවෙන් ලැබුණු පෙත්සමට අත්සන් කිරීමට අවස්ථාව ලැබීම ගැන ඉතාමත් සතුටුයි. මගේ සියලු රටවැසියන් නිදුක් නීරෝගී වේවා! තිසරණ ආශිර්වාදයෙන් සියලු දෙනාම ආරක්ෂා වේවා!