(විමුක්ති එස්. රොද්‍රිගූ)

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු විදුලි බල,නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිංග්  මහතා නවදිල්ලි නුවරදී   හමුවූවේය.

අමාත්‍ය සිංග් මහතා අතීතයේ සිට පැවත එන ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සිහි කරමින් මොරොගොඩ මහතා උණුසුම්ව පිළිගත් අතර විදුලිබල  සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ දෙරටේ  සහයෝගීතාවය වැඩිදියුණු කර ගත හැකි ක්‍රම සහ මාර්ග පිළිබඳව ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ.

ඉන්දියානු විදුලි බල,නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිංග්  මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සමග විදුලිබල  සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද්වි පාර්ශවික සහයෝගීතාවයට බලපාන ගැටළු කිහිපයක් පිලිබඳ සාකච්ඡා කෙරූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල  සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තිබෙන දිගුකාලීන සහයෝගීතාවය ගැඹුරින් සහ වඩාත් පුළුල් ආකාරයන් පවත්වා ගෙන යාමට හැකි ක්‍රමෝපායන් සොයා බැලීම මෙහිදී සිදු විය.

දෙරටේ විදුලිබල  සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ   අන්තර් සබඳතාවය සාර්ථකව පවත්වා ගෙන යාමට ක්‍රියාත්මක කළ හැකි කෙටි සහ මාධ්‍ය කාලීන ව්‍යපෘති පිළිබඳව ද  මෙහිදී අවධානය යොමු කළහ.