(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(02) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මාලදිවයිනේ සංචාරක හෝටල්වල සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානය මාලදිවයිනේ මාලේ නුවර සිට පස්වරු 1.45 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මත්තල ගුවන් තොටුපළ තුළ දී මගීන් පිරිස පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන ලදී. ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සළසා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd