(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ.
අන්තවාදී කණ්ඩායම්වලින් විහාරස්ථානයට එල්ල විය හැකි ප‍්‍රහාරයක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.
විහාරස්ථානයට මෙසේ පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත්තේ තමන් වහන්සේ විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව විහාරාධිපති කොළඔ මේධාලංකාර හිමියෝ පවසති.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරම්භය ක්‍රි. පු. 3 වැනි සියවසයේ බවට සාධක ඇති අතර එය මේ වන විට පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.
එම විහාරස්ථානය හා එහි ඇති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් මහතා ප‍්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදෙමළ කොටින්ගේ ඩොලර් කුට්ටිවලට පෙරේත වුණු පාදඩ නායකයින් අපේ උරුමයන් බිලිදෙනවා..
සංහිඳියාවට ජයවේවා !!!
අනේ මේ පැත්තේ අයට තව පොලිස් බලතලත් දෙන්නකෝ... අලුත් සංශෝධනය ආවාම සිදුවන දේවල් දැන් කාටකාටත් පැහැදිලිද? එතකොට කොළඹ පොලිසියට මේ විහාරස්ථානවලට ආරක්ෂාවට සපයන්න බැහැ. අපේ හාමුදුරුවන්ට වෙන්නේ හැකි ඉක්මනින් පන්සල හැර දාලා පණ බේරාගන්න කොහේ හෝ යන්න...
සංහිඳියාව සිංහල අපිට විතරද ඕනෑ?
මිනීමරු ප්‍රභාකරන් පවා, සිංහල ජාතිය සමග වෛරයෙන් පසු වුණත්, බෞද්ධාගමට හානියක් සිදුකලේ නැහැ. මෙතනදී, උතුරේ මෙන්ම දකුණේත්, අන්තවාදී, දේශපාලන කල්ලි දෙකක් තිබෙනවා. ඔවුන්ට අන්තවාදයෙන් තොර දේශපාලන පැවැත්මක් නැහැ. ඇත්තෙන්ම මේ දෙගොල්ලන්ම ත්‍රස්තවාදී, කල්ලි දෙකක්... දැනට ආයුධයෙන් නොකරන දේ, දැනට මොවුන් අන්තවාදී මතවාදය සමාජගත කිරීමට උත්සහ දරමින් සිටිනවා. මේ ත්‍රස්ත කල්ලි දෙක අතර න්‍යායාත්මක සම්බන්ධතාවයක් පවතින බව මේ රටේ බුද්ධිමත් ජනතාව දැනටමත් අවබෝධ කරගෙන හමාරයි. උතුරේ ද්‍රවිඩ දේශපාලකයින්ගේ හා දකුණේ දේශපාලකයින්ගේ පවුල්වල පවතින ඥාති සම්බන්ධතාවයන් දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට මේ බව පැහැදිලියි. මෙම අන්තවාදී, දේශපාලන ත්‍රස්ත කල්ලියට උඩගෙඩි දෙන බඩගෝස්තර වාදී, පූජක පැලැන්තියක් සිටින බවත් අපට නම් රහසක් නොවේ...
පන්සල්, පල්ලි, කෝවිල් තිබිය යුත්තේ එම ප්‍රදේශවල වැසියන්ට ආගමානුකුල කටයුතු සඳහායි. පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යටතේ එවැනි තැන් තබා ගැනීමෙන් ජනතාවට සිදුවෙන යහපත කුමක්ද?
සංහිඳියාව නම් දෝරෙ ගලනවා..
කණ්ඩායම් කිහිපයක් පිස්සු නැටුවට සංහිඳියාවට විරුද්ධ වීම වැරදියි.
දැන් ඒ අයගෙන් අහලා ඕනේ අපි පන්සල් හදන්න...
රවීහරන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? කෝ අර උතුරේ මහා ඇමති... එයත් ආපු ගමන් කතා කලේ හරියට සිංහල මිනිස්සු වැරදි කරනවා වගේ. දැන් පේනවද ජාතිවාදීව අහිංසක දෙමල මිනිස්සු නැවතත් යුද්ධයකට පොළඹවනවා කියලා.
මේ ප්‍රකාශය කර තිබෙන්නේ, මුලතිව් හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් නේද? එසේ නම් මෙරට ජනාධිපති ධුරය හොබවන සිංහල බෞද්ධයෙකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? මේ රටේ බහුතරයක් අදහන බුද්ධාගමට එරෙහිව කළ මේ දරුණු ප්‍රකාශයට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්ද? මේ ප්‍රකාශය පිළිබද මහානායක හිමිවරු ඇතුළු අනෙකුත් සංඝ සභාවල ප්‍රතිචාරය කුමක්ද? දේශපාලන කුක්කන්ගේ හූ හඬ අසනවාට වඩා, අප බලාපොරොත්තු වන්නේ, රවිහරන් නමැති අන්තවාදියාව නීතිය හමුවට ගෙන එ්ම පමණයි.
උතුරු නැගෙනහිර එකතු කරල, නව ව්‍යවස්ථාක් සම්මත කරළ, බලතලත් දුන්න නං, කොහොමට වේවි.
ජනධිපතිට ඕනේ වුනේ ඕක කරවන්නනේ.. එ්කනේ උතුරට දෙමළ ආණ්ඩුකාරයෙක් පත්කළේ? පාදඩ දේසපාලකයින් නිසා සිංහල අපට අපේ උරුමයන් රැකගන්න හමුදාව යොදන්න වෙලා.. අනෙක් අයට ඕනේ විදිහට රටේ ආගම, ජාතිය.. විනාශ කරන්න දෙන්න ගියොත් සිංහලයට රට නැතිවෙනවා. මේ දේශපාලන පරයො මීලග මැතිවරණයෙන් පන්නා දමන්න ජනතාව තීරණය කරන්න ඕනේ..
රටේ නායකයට කොන්දක් නැතිකමට තවත් හොඳ සාක්කියක්.. රට පාලනය කරන්න බැරිනම් කරුණාකරලා යන්න යන්න..
කිසිම දෙයක නිත්‍ය පැවැත්මක් නැත . කුමන බලවේගයකින් හෝ විහාරස්ථානය අයින් වුවොත් එය බුදුන් වදාළ දහමේ ප්‍රතිපලයි.
අපේ බුද්ධාගමට අත තියන්න දෙන්න බෑ............
කඩන්න එන කෙනාව නෙවි, පස්සෙන් ඉඳන් උල්පන්දම් දෙන කෙනාව බලන්න
පන්සල් ආරක්ෂා කරගන්න ඕනේ දකුණෙන් බැහැල පන්සල් කොල්ලකන නිදන් හොරුන්ගෙන් ...