IMG-LOGO

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත්  තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා පෙරේදා (20) දින නියෝග කළේය.

කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ පසුගිය 19 දා සවස නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්දුවේ නිලධාරීන් පිරිසක් සහ මුලතිව් පොලීසිය, මුලතිව් මහේත්රාෙත් ආර්.සර්වනරාජා මහතා ඇතුලු අධිකරණ නිලධාරීන්, නඩුව ගොනුකරන ලද පාර්ශවය ඇතුලු පිරිස කුරුන්දි විහාරයේ චෛත්‍ය , නටඹුන් සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව පෙරේදා (20) සවස මීට පෙර චෛත්‍ය ඉදිකිරීම් හා නටඹුන් ඉවත් කිරීමට ලබා දී තිබූ නියෝගය අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බවය.

පසුගිය ජුලි 14 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී කුරුන්දි විහාරයේ චෛත්යය සංරක්ෂණය කිරීමට එරෙහිව ගොනුකරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්රාකත් ආර්. සර්වනරාජා මහතා විසින් චෛත්‍ය ඉදිකිරීම් වහාම නවතා අදාල ඉදිකිරීම් සියල්ල ඉවත්කරන ලෙසට මුලතිව් පොලීසියට නියෝග කළේය.

අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාල අධිකරණ නියෝගය පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දී නීතිපති සහය බලාපොරොත්තූ වූ අතර අනතුරුව අදාල අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපර්තමේන්තු නිලධාරීහු ද සාකච්ඡාවක් සිදුකළහ.
එමෙන්ම මුලතිව් පොලීසිය මගින්ද මුලතිව් අධිකරණයට දැනුම් දී සිටියේ කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කිරීමට අපහසු බවටත් එවැන්නක් තුළින් දැඩි විරෝධයක් මෙන්ම ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවීමේ අවධානමක්ද පවතින බැවින් අදාල නියෝගය පිළිබඳව සලකා බලන ලෙසටය.

කෙසේ වෙතත් මුලතිව් මහෙස්ත්රාිත්වරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින්ම ලබාදුන් නියෝගය අවලංගු කොට නැවත සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට අවසරය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

 



අදහස් (2)

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී

ruwan Thursday, 21 July 2022 08:08 PM

එහෙම තමයි වෙන්න ඔනි

:       0       0

sharm warn Friday, 22 July 2022 08:54 AM

මේක කරවාගන්න අර නඩුව දාපු දෙමළ මන්ත්‍රීටත් අර වහල් නිවාසවලින් එකක් දෙන්න ඇති බඩුමුට්ටුත් එක්කම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site