
(ගයාන් සූරිය ආරච්චි)
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, කොළඹ 13, වැල්ලම්පිටිය, කොළඹ 14, ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 35 ත් අතර වයස් වල පසු වන සැකකරුවන් හතර දෙනකු සහ අවුරුදු 54 ක කාන්තාවකි.
බරපතල තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා යන දෙදෙනාම වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දැනට විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පලවී ඉමෝශන් නැමැත්තාගේ මෙහෙයවීම මත වෙඩික්කරුවන් පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
Srinath Sunday, 22 December 2024 05:11 PM
අපි ආණ්ඩුවක් හැදුවට පාතාලය තමයි රජකරන්නේ, දුප්පත් මිනිස්සු බොන කසිප්පු, ගංජා අල්ලන්න තමයි පොලිසිය දන්නේ...