
(ගයාන් සූරිය ආරච්චි)
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, කොළඹ 13, වැල්ලම්පිටිය, කොළඹ 14, ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 35 ත් අතර වයස් වල පසු වන සැකකරුවන් හතර දෙනකු සහ අවුරුදු 54 ක කාන්තාවකි.
බරපතල තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා යන දෙදෙනාම වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දැනට විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පලවී ඉමෝශන් නැමැත්තාගේ මෙහෙයවීම මත වෙඩික්කරුවන් පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ආණ්ඩුවක් හැදුවට පාතාලය තමයි රජකරන්නේ, දුප්පත් මිනිස්සු බොන කසිප්පු, ගංජා අල්ලන්න තමයි පොලිසිය දන්නේ...