
(දයාරත්න ඇඹෝගම සහ බී.ජී චතුරංග)
අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,පන්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මල් වෙලදාමේ නිරත අයෙකි.
මෙම මල් වෙලදාමේ නිරත පුද්ගලයන් දෙදෙනා අතර මුදල් ගණුදෙනුවක් මුල්කර ගනිමින් ඊයේ(21) පස්වරැවේදි සිදුවු ආරාවුලක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම පිහි ඇනුමෙන් අනුරාධපුර, සංඝමිත්තා මාවතේ පදිංචි 33 හැවිරිදි මල් වෙලෙන්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd