(සුජිත් හේවාජුලිගේ )
එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී ( රුපියල් කෝටි එකොළොස් දහස් නවසිය දාහතරක්(11914) වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙයට අමතරව ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත නිෂ්පාදන සඳහා කෝටි 8170ක්ද සත්ව නිෂ්පාදන සඳහා කෝටි 4992ක්ද විවිධ පාන වර්ග සඳහා කෝටි නමසිය හතළිස් හයක්ද ගෘහ භාණ්ඩ සඳහා කෝටි 2398ක්ද සුවඳ විලවුන් සඳහා කෝටි නමසිය තිස් දෙකක්ද කුළුබඩු සඳහා කෝටි 2742ක්ද පෞද්ගලික වාහන ගෙන්වීම සඳහා කෝටි 175 ක්ද වැය කර ඇති බව මහාචාර්යවරයා කීවේය.
මේ භාණ්ඩ ගෙන්වා ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී වීම විශේෂත්වයකි.
එළවළු සහ පලතුරු මේ රටේ සුලභව පවතින අතර ඒවා විදේශයෙන් ගෙන්වීමට මේ ආකාරයට මුදල් විශාල වශයෙන් යෙදවීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතර මේ වසරේ මුල් මාස අටේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8. 90ක් වන අතර එම කාලයේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.8 කි. ඒ අනුව ආනයන අපනයන වෙනස හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක හිඟයක් රටේ පවතින බව වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේ තාප්ප බැඳගෙන ආනයනය, අපනයනය හිරකරගෙන හිටියට ආර්ථික ධන අගයකට එන්නවත්, රටේ රැකියා වැඩිපුර ඇතිවෙන්නේ වත්, උද්ධමනය පාලනය වන්නේ වත් නෑ... කරුණාකර රජය කරන නාස්තිකාර වියදම් අඩු කරන්න රජයේ සේවකයන් රාජ්‍ය ආයතන තුළ ප්‍රතිව්‍යුහගත කරන්න. පාඩු ලබන සංස්ථා වසා දැමීම හෝ විකුණා දැමීම වැනි දේවල්...
ආණ්ඩුව නිකන් නාස්ති කරන එක අවුලක් නැද්ද? පලතුරු ටිකක් ගේනවා කියලා ඩොලර් සංචිතය අඩු වෙන්නේ නැහැ..!
ඒ ආහාර නිපදවන රටවල්වල මේ ආහාර භාවිතාව සහ විකිණීම තහනම්... ! ඒත් ඒ ආහාර ලංකාව වගේ පීඩිත රටවලට විකිණීමෙන් විදේශ විනිමය උපයා ගැනීමට තහනමක් නැහැ. අද හුඟක් රටවල් ආහාරයට නුසුදුසු අහිතකර දේවල් දුප්පත් රටවල්වලට අපනයනය කරමින් විදේශ විනිමය උපයනවා...!
ගනේගොඩ ඔබ පිටරටට බැන්නට ලංකාවේ වැවෙන අඹ ගෙඩියක මිලට කොළඹදි නවසීලන්තනේ ගේන ඇපල් ගෙඩි දෙකක පමණ ගන්න පුළුවන්. වැරැද්ද නවසීලන්තෙද? නැහැ අපේ. මුලින්ම අපේ රටේ තරුණ පරම්පාරවෙන් වැඩි දෙනෙක් මහන්සිවෙලා වැඩ කරන්න. වගා කරන්න කැමති නැහැ. ඔවුන් කැමති ත්‍රී රෝද රථයක් උඩ වාඩිවෙලා හන්දියේ නිකරුනේ කාලය ගත කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී බලන්නේ කොහොමහරි නිකරුනේ මාසය ගෙවලා මාසේ අන්තිමට වැටුපක් ගන්න. අතරමැදි තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්තා බලන්නේ 10% ලාබයක් ගන්න. පිටරටින් ආහාර ගෙනාවෙ නැත්නම් ලංකාවේ මිනිස්සු මැරිලා ගොඩක් කල්.