(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ හලක් තුළ අද අළුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි

ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි

ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළඳසල්වල කුලී වැඩ කරමින් ගත කළ අයෙක් බවත් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුට වෙළඳසැල් හිමියා නවාතැන් පහසුකම් දී තිබූ බව පොලිසිය කියයි

ගින්න ඇති වීමට හේතුව මදුරු කොයිල් එකකින්ද ? විදුලි කාන්දුවකින් ද ?යන්න මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි ඇතැයි පොලිසිය කියයි

ඇති වූ ගින්නෙන් වෙළඳසැලට වූ අලාභය මෙතෙක් ගණන් බලා නැත

ගින්න ඇති වීම සමඟම වහා ක්‍රියාත්මක වූ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළහ.

විදුලිබලමන්ඩලය නිලධාරීන් පැමිණ විදුලිය විසන්ධි කිරීමට ද පියවර ගෙන ඇත.