(නිමල කොඩිතුවක්කු)
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් ඉදිරිපත් කරන යෝජනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි " ජීවිත සමග ක්‍රීඩා කරමින් " සිටින බවත් එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් අයකුට හැර වෙනත් කිසිවකුට මේ මොහොතේ රට විවෘතව තැබීමේ තීන්දුව ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්යායපත්රය පමණක් ක්‍රියාවට නංවමින් සිටී.
මෙතරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් ආණ්ඩුව තවමත් අදුරේ අතපත ගාමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ වරද ද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමට ය.
ආර්ථිකය ගැන ඊනියා භීතියක් මවා පාමින් රට වසා දැමීම පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් නොගනී. "ආර්ථිකයද, ඔක්සිජන්" ද යන්නෙන් වඩා වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ රහක් නැත...
අවුරුදු 30ක යුද්ධය ඉවර කරන්න දුන්නේ නැත්තේ, ඔය එක එක සංවිධාන... අපි කරන්න ඕනේ අපිට ගැලපෙන ක්‍රමයකට අපේ දේවල් විසඳා ගැනීමයි. බොරදියේ මාළු බාන්න එපා කොරෝනා බිල්ලෙක් මවලා... ජයවේවා..!!!
දේශපාලනයට අදාල දෙයක් නෙවේ මේ අදහස. දැන්ම රට ලොක්ඩවුන් නොකලොත් ඉන්දියාවේ ඇතිවූ තත්වය ඒකාන්තයෙන්ම ඇතිවෙනවා. ඊයේ කිරි අම්මාවරුන්ගේ දානයකට ගිය 14... මේ රෝගයට ගොදුරු වෙලා. තව කොච්චර ආගමික ස්ථානවලට මිනිසුන් එකතු වෙනවද? ඒ ස්ථානවලින් මේ රෝගය පැතිරී යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ලොක්ඩවුන් කිරීමෙන් ඒ වගේ තවත් බොහෝ අවධානම් දේ වළක්වා ගන්න පුලුවන් නේද?
අනේ මේ ලැජ්ජා නැද්ද... මේකත් දේශපාලන වාසියක් ගන්න පාවිච්චි කරන්න තරම්..?
මම මේ ලියන්නේ පැරිසියේ සිටයි. රට වහලා මේක කරන්න බැහැ. මිනිස්සු දැනගන්න ඕනේ පරෙස්සම් වෙන්න. රට වහලා ලැබෙන්නේ තාවකාලික විසඳුමක් විතරයි. මෝඩ කතා කියන්න එපා. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්... පොඩි කාලේ බිම වැටුණු ගතියක් පෙනෙනවා...
රට වැහුවාට කමක් නෑ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් තමන්ගේ අප්පලා හොරාකාලා හම්බකරලා දීලා ගිය කෝටි ගාණක දේපල, මිල මුදල් තියෙනවා නම්...
මෝඩ කතා කියන්න එපා.. මම මෙහෙ විධායක නිලයක් දරන්නෙක්... මම ළිඳේ ඉන්න ගෙම්බෙක් නොවේ...
අනේ අම්මපා මගේ මතුවෙලා තිබෙන අං තට්ටුව නැවතත් මෝදු වෙනවද කොහෙද..? මොකද වැඩවර්ජනවලට, උද්ඝෝෂණවලට මිනිසුන්ව කුලප්පු කරලා මමත් බෝඩ් එල්ලගෙන ඉන්නකොට මේ මුකුත් ලෙඩ බෝ වෙන්නෙත් නැහැ... එහෙම බෝ වුණෙත් නැහැ.. මේක නම් පට්ටියේ බලයේ ඉන්න "හරකුන්ගේ" කුමන්ත්‍රණයක්.. අපි "හරක්" බලයේ හිටියා නම් මේ මුකුත්ම නැහැනේ... අනේ හැබෑට අපේම අවාසනාවට අපිට දැන් බලය නැහැනේ...
සජිත්ට බනින්න එපා. තවම කඩේ යන ටිකක් ඉතිරි වෙලා ඉන්නවා. ඒ අයට තදවෙයි. ඇත්තටම කට අැරියොත් කියන්නේ ගොන් කතාවක්...
මම කිව්ව විදිහට ලෙඩේ පටන් ගන්න කොටම ප්ලැකනිල් බිව්වා නම් ඔය මොකවත් නැහැනේ...
අනේ සෝමේ... මම ඔබතුමාට අනුකම්පා කරනවා.. හොඳටම විශ්වාසයි පොඩිකාලේ වැටිලා.. සොරි ඩොට් කොම්...
දැන් ලොරි ටෝක්ස් දෙනවා. ටිකක් අඩු වුණු ගමන්ම ස්ට්‍රයික් එකක් පටන් ගන්නවා. රජය අසීරුවට පත්කොට බලය ලබාගැනීම ඔහුගේ අරමුණයි...
ඔබතුමාලා කරපු වීදි සටන් වල ප්‍රතිඵල තමයි. දැන් කටමැත දෙඩෙව්වට...
දහස් ගණන් තරුණයිනුත් පුච්චලා මැරුවනේ...