
(අංජුල මහික වීරරත්න)
මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද ඒ සඳහා සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) පැවසීය.
මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය යුතු වෙලාවක් බවත් මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බවද සාමකාමී විරෝධතා වලට ඇහුම්කන් දීමට රජය ඕනෑම විටෙක සූදානම් යැයිද අමාත්‍යවරයා කීවේය.
ලබන දෙවැනිදා කොළඹ වැටලීමේ සූදානමක් පිළිබඳව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසු ප්‍රසන්න රණතුංග මහතා මෙි බව පැවසීය.
පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක් වන අතර හෙට මැතිවරණයක් තිව්වත් ශක්තිමත්ව නැගිටින්න හැකියාව තිබෙන බව රණතුංග මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දූෂණය නවත්වන්න ඕනි දූෂණයෙන්ද?
ඔයාලගේ ඔය මර්දනය ඔක්කොම රනිල් රාජපක්ෂ ඉන්නකම් විතරයි. රට තවත් බංකළොත් කරන්නෙ නැතුව තොලොංචි වෙලා පලයල්ලා.
ආහා... කප්පම කප්පමින්ද මැර බලය මැර බලයෙන්ද හොකරම හොරකමින්ද දූෂණය දූෂණයෙන්ද යනාදී වශයෙන්ද මර්දනය කරන්න කියනව නම් ජනතාව එහෙම කරලා දෙයි. මේ වගේ අයගෙන් මේ වගේ ගොබ්බ ප්‍රශ්න අහලා උන්ගේ පාදඩ කතා ප්‍රසිද්ද කරන්න තරම් පහත් වෙන්න එපා.
සුදුවෑන්, ඝාතන, අතුරුදහන් කරවපු අයට ඕවා වැඩ නෙවෙයි...
චන්දේ ලග එනකොට තමයි මර්දනයක් කියලා දැනෙන්නෙ. මහා කකුලුවා පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. වැඩක් වෙන්නෙ නැහැ. සෙරම උන්ගෙ කකුල් කැඩෙයි චන්දෙන් පසු