
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ඉන්න අයගේ බැංකු ණය වලට සහනයක් දෙන්න. අදායමක් නැහැ ඒවා ගෙවන්න.
ගියවර එක්වර රටේම ඇඳිරි නීතිය දමා සාර්ථක ලෙස වයිරසය පාලනය කළ අයම බ්‍රැන්ඩික්ස් පොකුර ඇතිවූ වෙලේ එම ප්‍රදේශ වලට ක්ෂණික පියවරක් නොගෙන වෛරසය ව්‍යාප්ත වෙන්නට ඉඩ හැරියා. දැන් රටේම තත්වය බිහිසුණුයි.
අර පළවෙනි සැරේ වගේ මුලදීම මුළු ගම්පහටම ඇඳිරි නීතිය දැම්මා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් මේකෙන් කීදෙනෙක්ගේ ජීවිත නැති වේවිද?
සමාජෙ නෑ තාම. හැදෙන අය සමාජෙන් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතු වෙනවා විතරයි. ඔයාල පැනික් නොවී ඉන්න. 20 ත් හරි. ඉතින් ඔයාලාට මොනවා වුණත් අපිට කමක් නෑ... මීට රට හදන සහ රකින..., ඕනෑ වුනොත් විකුණන විරුවා.
මාර්තු, අප්‍රේල් මාසවල කොවිඩ් පරීක්ෂණ කරන්නේ නැතිව 30 - 40 එකට ජීවත්වන ශාලාවල නිරෝධායනය කිරීම සාර්ථක පියවරක් ලෙස සලකමින් කොවිඩ් මර්ධනය කරන්න කටයුතු කරපු නිසා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් විශාල සංඛ්‍යාවක් හරහා රෝගය සමාජගත වුණා. දැන් මෙක ඇදිරිනීති ලොක්ඩවුන් කර විසදන්න බැහැ. කළහැකි එකම දෙය කඩිනම් ඉස්පිරිතාලවල පහසුකම් වැඩිදියුණු කරමින් රෝගයට සාර්ථක ලෙස මුහුණ දෙමින් මරණ සංඛ්‍යාව අවම කරගැනීම.. ඇදිරි නීති දැමීමෙන් සිදුවන්නේආර්ථිකය බිදවැටීම පමණයි. ඇදිරිනීති ඉවත්කරන අවස්ථාවෙදී ඇතිවන පෝලිම් සහ තදබදය හරහා කෝවිඩ් පැතිරීම සීඝ්‍රලෙස සිදුවෙයි