(පුෂ්පකුමාර ජයරත්න)
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමවී තිබෙන අය බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු මහත්වරුන්ට තියෙන හදිසිය මොකක්ද කියන එක ප්‍රශ්නයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) කුරුණෑගල පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මෙහෙයවන මතින් නිදහස් රටක් වැඩසටහනට සමගාමීව වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව වයඹ පළාතේ පාසල් සඳහා සංවිධානය කළ මතින් මිඳී සතුටින් හිඳිමු වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේදී මෙම වැඩසටහන පැවැත්විණි.
මේ රටේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කොයි තරම් ශක්තිමත්ද කියනවානම් ඔවුන්ට එරෙහිව නියම කරන ලද මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීතියක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තරම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ශක්තිමත් බවද ඔවුන් ශක්තිමත් කරන්නේ දේශපාලනඥයින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මුදලින් දේශපාලනඥයින් ඇතුළු සියලුම දෙනා අල්ලාගෙන සිටින බවද මේවා පුළුල් ව්‍යාපාර වන බැවින් ලෝකයේ බොහෝ දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය මර්ධනයට අත නොගසන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය මර්ධනයට අත ගැසීම මරණයට , දේශපාලනයෙන් අතුගා දැමීමට සහ ආණ්ඩු බලය පෙරළා දැමීමට හේතුවන බව දැන දැනත් තමන් රට සහ දරුවන් වෙනුවෙන් නොබියව ඒ සඳහා ඉදිරිපත් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ නිසාම තමන්ට අපහාස උපහාස නින්දා අභූත චෝදනා එල්ල කරන සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ සංවිධාන පිටුපස මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සල්ලි තිබෙන බවටද ජනාධිපතිවරයා චෝදනා කළේය.
ඔවුන් මේ සඳහා දේශපාලනඥයින්ද හවුල් කර ගනිමින් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මර්ධනයට තමන් කටයුතු කරමින් සිටියදී තමන්ට ගෝත්‍රිකයෙකු බව ඇතැමුන් චෝදනා කරනවානම් අවුරුදු දහසයකට පසුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නොදියුණු ගෝත්‍රිකයෙකු විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ඇමෙරිකාවට මෙක්සිකානුවන් එනඑක නවත්වන්න ඒ දෙරටේ දේශසීමාව දිගටම දැවැන්ත ප්‍රකාරයක් බඳිනවා. අපිත් එයා කරන වැඩේ ආදර්ශයට අරගෙන රට වටේටම ප්රාකාරයක් බඳිමුද සර්? එතකොට ඔය කුඩු කාරයොයි. ත්රස්තවාදියෝයි, බෝම්බ කාරයොයි කිසිම කෙනෙකුට අම්ම කිව්වත් මේ රටට එන්න නම් බැරිවෙයි...
කුඩු ජාවාරම් කාරයින්ගෙන් යැපෙන අයනේ.. වෙන කවුද ඔය බේරගන්න හදන බූරුවන්ගේ ළමයිනුත් කුඩු ගහපුදාට තේරෙයි..
පිස්සු කෙලිනවා අද රටම ඉවරයි. මෙයා බදුර්දීන් ගැන හිස්බුල්ලා ගැන කිසි කතාවක් නැහැ.. සතොසේ ගේනවා කුඩු.. කෝ හෙව්වද..? ඒවා සේරම යට ගැහුවා...
දියවන්නා ඔයේ ඉන්න " හැලි වඳුරන් 225න් " 99.99ක්% කුඩුකාරයින්ගේ ගොට්ටන් නිසා විරුද්ධ වෙන එක පුදුමයක් නොවේ.
මෙයාගේ කයිවාරු විතරයි. දැන් අවුරුදු ගාණකින් මරණ දඬුවම් දෙනවා කිව්වට, කෝ කළාද?
හරි, දැන් ඇත්තටම ඔයාට එල්ලන්න ඕනෑ නම් අද රෑට වුණත් එල්ලන්න පුලුවන්, හෙට වුණත් එල්ලන්න පුළුවන්... නිකන් අනේ මට කරන්න දෙන්නේ නෑ. අනේ අරයා මෙහම කියනවා වගේ ඉවරයක් නැති අඳෝනාවක් විතරයි. කොහොමත් මෙයා අල්ලගන්නේ ආයේ ලේසියට කරන්න බැරි හෝ නොකරන තැනට වැඩේ සෙට් වෙන දේවල්...
අප්‍රියල් 21 පාස්කු දින ප්‍රහාරයට ඍජුවම වගකිවයුතු මහා එකා එල්ලන්නේ නැතිව අනිත් අහිංසකයින් එල්ලලා මරලා මොනවා කරන්නද? මුලින්ම එල්ලා දැමිය යුතු හා කවුරුන්දැයි රටම දන්නා නමුත් ජනතාව අසරණයි.
ඇයි මෙයා අවුරුදු 4කට වැඩියෙන් හිටියා නේද? ඇයි ඡන්දෙ නිසාද? මිනිස්සු රැවටෙයි ඕවට...
එ් මිනිස්සුන්ව එල්ලන්න මෙයාට තියෙන හදිස්සිය මොකද්ද? ඇයි මෙයා අවුරුදු 4 කට වැඩියෙන් හිටියා නේද? මොකද කලේ?
පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු නොමැත. ප්රභූන්ද නොමැත. ලෝකය වටේ ගිහින් හිඟාගෙන එන මුදලින් පඩිගන්න නූගත් යාචක පිරිසක් ඉදිරියේ මොන කතාද?
ඔබතුමා සමහර නඩු යටගහනවා වගේ වුවමනාවක් ඇති..
පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙයුමක් දාන්නකෝ සිරා අයියේ... අැතුලේම ලේසියෙන් අල්ලාගන්න පුළුවන් 4-5ක් ඉන්නවා නේද? ෆයිල් දැකලා තිබෙනවනේ... ඔට්ටුයි කරන්නේ නැහැ. මුළු රටම දන්නා කට්ටියනේ... අනේ සිරෝ ඔන්න විහිලු කරනවා එහෙම නොවෙයි. ඇතුලේ කොහේද මහත්තුරු ඉන්නේ..? " මහත්හොරු". අයි මේ බොරු සංදර්ශන? ඡන්දෙ ළඟ හින්දද? දෙන්නම් කෝ ඇට්ටි හැලෙන්න.
පුළුවන් නම් දුමින්ද සිල්වාගෙන් පටන් අරන් පෙන්නන්නකෝ ලසන්ත වික්රමතුංගගේ ඝාතකයින්ට බඩ යන්නත් එක්ක!
මහරජාගේ කුඩ්ඩෝ ටික එළියට ආවොත්... ගෝඨාට කැම්පේන් එකට හෙල්ප් කරන නිසා බේරගන්න සෑහෙන්න දඟලනවා.
මොන ප්‍රශ්න තිබුණත් ජනාධිපති මරණ දඬුවම ගැන කෙලින් ඉන්නවා. කුඩු වැළැක්වීම වෙනුවෙන් බදුමුදල් මෙපමණ වියදම් කරන්නේ මොකද්ද මරණ දඬුවම් දීලා 90% අඩු කරන්නේ නැතිව. ඔලුව වටෙන් කන අල්ලන්නේ අැයි? මේ පනත ගෙනා මන්ත්‍රීන් කවදාවත් අහලත් නැහැ. පැහැදිලිවම කුඩුවලට සම්බන්ධ කෙනෙක් විය හැකිය. එසේ නැතිනම් කුඩු නීතිගත කරන්න. පනතෙන් කරන්නේ ඒක තමයි.