
(රෝෂන් තුෂාර)
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අද නියෝග කළේය.
2013 වසරේ මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනකට අදාල කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12 කට තම අභිමතය පරිදි කොන්ත්‍රාත් ලබාදී මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශවයට හැර වෙනත් පාර්ශව වෙත මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.


(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රාජපක්ෂගෙ පට්ට හොරෙක්. මොරටුව හුරාගෙන කෑවා. මොරටු ජනතාවට එලවා ගන්න බැරුව හිටියේ. මොරටු ප්‍රභූ නගරය නැත්තටම නැති කළා. මාලිගාවට අපි දුන්නු ඡන්දේ හරිම වටිනවා...
ඔව්, හිටපු දියවඩන නිලමෙගේ කාලේ ඉවරවුණා. මේ දවස්වල දියවඩන නිලමේ කෙනෙක් තෝරන ගමන් ඉන්නේ. ඡන්දේ දීල තියෙන්නේ ඒකට. ඇයි, අවුල්ද?
මොරටුවත් හොදටම කාල, මහින්දවත් කාල, ගෝටවත් කාල, පොහොට්ටුවත් කාපු එකෙක් තමයි මේ.
මූ නරකාධිපති
එක හොරෙක්වත් නිකං අරින්න එපා. හොරකම් කළානම්, මහජන මුදල් අවභාවිතා කළානම් ඔවුන්ට නිසි දඬුවම් ලැබිය යුතුය. හොරකම්, දූෂණ සහ වංචාවන් මැඩලිය හැකි වන්නේ එවිටයි.