(රංජන් කස්තුරි)
මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමට නියමිත නව වෛද්‍ය පීඨයට අයත් අධ්‍යයන අංශ 13 ප්‍රකාශයට පත්කරමින් අධ්‍යාපන ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම අධ්‍යයන අංශ 13 පහතින් දැක්වේ.
01.ව්‍යවච්ජේද අධ්‍යයන අංශය
02.ජෛව රසායන විද්‍යා සහ සායනික රසායන විද්‍යා අධ්‍යයන අංශය
03.භෞතවේද අධ්‍යයන අංශය
04.භිෂග්වේද අධ්‍යයන අංශය
05.ක්ෂුද්රජීව විද්‍යා සහ පරපෝෂවේද අධ්‍යයන අංශය
06.ප්‍රජා වෛද්‍ය විද්‍යා සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය
07.ව්‍යාධිවේද සහ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය
08.වෛද්‍ය විද්‍යා සහ මානසික සෞඛ්‍ය (මනෝචිකිත්සක) අධ්‍යයන අංශය
09.ශල්‍ය වෛද්‍ය සහ නිර්වින්දන අධ්‍යයන අංශය
10.ප්‍රසව සහ නාරිවේද අධ්‍යයන අංශය
11.ළමා රෝග සහ නවජන්මවේද අධ්‍යයන අංශය
12.වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයන අංශය
13.වෛද්‍ය තාක්ෂණ අධ්‍යයන අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම් රේ විජේවර්ධනයන් කුලසිංහයන් වැනි නව නිර්මාණ කරුවන් බිහි වූ ස්ථානයක්
ඕවා ඔක්කොම ඉගෙන ගන්ඩ ඕනද දොස්තර වෙන්ඩ
ඕකට වෙනමම නමක් නොදාපු එක හොඳයි. මොරටුව විශ්ව විද්‍යාලේ ඇතුලේ හැදුවත් බැරිවෙලාවත් සයිටම් වගේ නමක් දැම්මනම්, නොබෙල් තෑග්ග ගත්තු මහාචාර්ය වරු උගන්වන්න ගෙනාවත්, ලෙඩ්ඩුන්ට මාස ගානක් බේත් නැතුව ඉන්න වෙනවා ඔ පි ඩී එකේ බංකු වලට වෙලා.
බොහොමත් අගය කල යුතු තීරණයක්. මොරටුව ලුනාව රජයේ රෝහලත් ශික්ෂණ රෝහලක් බවට පත් කරන්න.
මහජන මුදලින් තවත් චැනල් කඩයක්...
සුබ නොපතන්න තරම් අපි කුහක නැහැ. නමුත් රේවත්, කුලසිංහවත් "මොරටු සරසවියේ" නිෂ්පාදන නොවේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රජරට (ගාල්ලෙත් මේක තියනවා) වගේ විද්‍යා පීඨත් ආචාර්යවරුන්ගේ හිඟය හින්දා දුවන්නේ අමාරුවෙන් එහෙම එකේ මෙතෙන්ට අවශ්‍ය සම්පත් තියනවා නම් හොඳයි... නැත්නම් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න එනවා..
එතකොට මේකට අනුයුක්ත ශික්ෂණ රෝහල් මොනවද? අළුතෙන් හදනවද?