(සුජිත් හේවාජුලිගේ )
මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩසටහනේදි හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ධනාත්මක ආකාරය අගය කරන බවත් ඔහු රටේ අනෙකුත් ප්‍රබල ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවැසූහ.
රටක පාලකයා ජනතා ප්‍රශ්න හොඳින් තේරුම් බේරුම් කරගෙන පුළුල් දැක්මකින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
පාලකයා තමා බලයට පත් කළ ජනතාව ගැන හොඳ අවබෝධයක සිටිමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැමවිටම කටයුතු කළ යුතු බව කී ගුණවංශ හිමියෝ සමාජයෙන් මතුවන ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් දීමද වැදගත් බව පෙන්වා දුන්හ.
එන්නත්කරණ වැඩසටහනේදි මොරටුව නගරාධිපතිවරයා හැසුරුණු ආකාරය කනගාටුදායක බවත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ නිලධාරින්ට හැකි උපරිම සහාය දැක්වීම දේශපාලඥයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද ප්‍රබල වගකීමක් බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.
එවැනි අවාසනාවන්ත සිදුවීම් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමට රජය ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ වැරැද්දම කරන සහ එය අනුමත කරපු කුරුණෑගල ජොන්ස්ටන් ඇමැතිටත් ඒ නියෝගය ක්‍රියාත්මක කරාද? මිනිස්සු නොමග යවන්න එපා!
යන්තම් පිදුරු ගහක් අහුවුණා...
අපේ හාමුදුරුවනේ, වරදට දඬුවම් දෙන්න ඕනේ ජනාධිපතිද? එතුමා කියලා වැරදි කාරයින්ට දඬුවම් දෙනවා නම් නීතියේ ස්වාධීනත්වය කොහේද?
මෙයා දැන් පොඩි බල්ටියක් ගහන්නයි යන්නේ... ඉතින් බලමුකෝ...
අයියෝ අපේ හාමුදුරුවනේ, නිකන් කඩේ යන්නේ නැතිව ඉන්න. රටට කෙළවෙලා තියෙන කොට මේ පොඩි දේකට අගය කරන්න එනවා.
ජොනී දුන්නා ටිකට් 10,000 ක්... එන්නත් සඳහා.. මොනවත් වුණේ නැහැ. මේ පිටුපස යම්කිසිවක් තියෙනවද?
මේ වගේ විශාල වැඩක් කරද්දි වැරැදි සහ මොරටුවෙ වගේ ගොන් වැඩ ඵකක් දෙකක් වෙනවා තමයි. ඒ වුණාට සමස්ථයක් විදියට බලපුවාම ආණ්ඩුව කොහොම හරි ගේම ගහනවා. මොකද කලින් වුණු කරපු දෙවල්වල හැටියට මේ අය හොඳයි.
මොරටුවට එක නීතියක්... කුරුණෑගලට තව නීතියක්ද?
නිකම් බණක්, භාවනාවක් කරගෙන ඉන්න හාමුදුරුවනේ. අපිට පව් දෙන්නේ නැතිව.. කෝටිගණන් හොරකම් කරලා, මිනිස්සුන්ට වස කවලා, තමන් සහ පවුලේ අය බේරෙන්න නීති හදාගෙන කෙනෙක් නම් මේක අගේ කරන්න... වෙන වැඩක් නැද්ද? ඕක ප්‍රතික්ෂේප කරන්නේ නැතිව මොලේ කළඳක් තියෙන කෙනෙක්ට අනුමත කරන්න පුළුවන් වැඩක්ද?
හාමුදුරුවනේ බොරු ඇද බාන්නේ නැතිව ඉන්න. මේ හොරු, කුපාඩියෝ ඔක්කොම බලයට ගෙනෙන්න රටේ මිනිසුන්ට මුසාවාදා දේශනා කරලා, මිනිස්සුන්ව මුලා කරලා, දැන් බොරුවට බයිලා ගහනවා. මම එදා මොරටුවේ ඔය කියන සිද්ධිය වුණු ස්ථානයේ හිටියා නම් නගරාධිපතිගේ කන ගලවලා අතටම දෙනවා. දැන් රටේ මිනිස්සු නීතිය අතට ගන්න කාලයයි. වැරදි කරන කවුරුහරි කමක් නැහැ දේශපාලුවෙක් නම් එතැනදීම මිනිස්සු එකතුවෙලා ඒකාව සම්බෝල හදන්න ඕනෑ.
අනේ හාමුදුරුවනේ, වැරදි වැඩක් කළාම ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්ත, ඒක අගය කරන්න අවශ්‍ය නැහැ නේද?
පහුගිය කාලේ බොරුවට වීරයා වගේ කෑගහලා පචවෙලා දැන් මේ දෙයක් අල්ලන් කඩේ යන්න හදනවා. ලැජ්ජයි..!!!
අට පාස් ප්ලැකනීල්ගේ සහ ටොම් පච අනුරගේ වහලුන් මෙතන තප්පුලා ඇති බව පෙනේ. හොඳ දේ හොඳ විදියට දකින්න බැරි වහල්ලුන්ට ඕවා කියලා වැඩක් නෑ හාමුදුරුවනේ...
වරාය පනත කියපු විදියටම වුණා නේද? විලිලැජ්ජාවක් නැතිද මෙයාගෙ ගුණ වයන්න...? මහ කලක් වුණේ නැහැනේ...
සිවුරක් දාගෙන මිනිස්සුන්ව නොමග යවන තව කෙනෙක්...!!
හරි දේ කරන්න. ඔහුට වීරයකු වන්නට බැහැ. මෙයින් අපට කියන්නේ රජයක් මගින් නිවැරැදි තීරණ ගැනිම බොහෝ අපහසු දේ හැටියටයි.
සතුටු වෙන්න දෙයක් නෑ.එයා කිවේ සිද්දිය කැතයි කියල විතරයි
ඔය විදිහට හැරෙන හැරෙන පැත්තට කතා කරන්න ඔබ වහන්සේ ඇත්තටම බුද්ධ පුත්‍ර යෙක්ද....
බුද්ධාගමට ඔබතුමා කරන සේවයට මුස්ලිම් ජනතාවගේ ආචාරය..!!!
අගය කරනවා
කඩේ යන්න මොනවාහරි හොය හොයා හිටියේ..., ශාසනයට දෙයියන්ගේම පිහිටයි..
ලංකාවේ බුද්ධ ධර්මය විනාශ කරනන එපා