
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
කතුන් මූලීකත්වය කර ගත් පවුල්වලට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
මෙරට පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් බඩගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීමට, ආහාර වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට හෝ තමන් කැමති ආහාර ගැනීම අඩුකිරීමට පෙළඹී තිබෙන බවද ලෝක ආහාර වැඩසටහනේ දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික පවුල්වලින් හතරෙන් එකක් ප්‍රමාණවත් ආහාර වේල් නොගන්නා බවත් මෙම හේතු නිසා නිසි බර නොමැතිවීමෙන් වයස අවුරුදු 5ට අඩු ළමයන් තුල හට ගන්නා මන්ද පෝෂණය ඉහළ ගොස් තිබෙන බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
සියයට 12.2 ක්වූ වයස අවුරුදු 5ට අඩු ළමයන් තුළ මන්ද පෝෂණය සියයට 17 දක්වා 2021 සිට 2024 වසර දක්වා කාලයේදී ඉහළ ගොස් ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට අතීතයෙන් මිදීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී ඇතුළුව මෙතෙක් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ අපරාධ සම්බන්ධයෙන් රජයට, ආරක්ෂක අංශවලට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය වැනි සන්නද්ධ කල්ලිවලට තිබෙන වගකීම ඒ ඒ පාර්ශ්ව නිල වශයෙන් පිළිගැනීමෙන් එයට ආරම්භයක් ලබාගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය මෙන්ම වංචා, දූෂණ හේතුවෙන්ද ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයත් සමග 2021 සිට 2024 දක්වා කාලය මෙරට දුගීභාවය දෙගුණයකින් සියයට 24.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය ආහාර අනාරක්ෂිතතාවයටද හේතුවක් වී ඇති බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා විජාතික බලවේග කරන ඇඟිලි ගැසීම්, මේ රටේ කාටවත් ආහාර හිඟයක් නැහැ, අනුර කුමාර ජනාධිපතිතුමා හැමෝටම අස්වැසුම දුන්නා, රස්සා නැති අයට රස්සා දුන්නා, දැන් හැමෝම සුඛිත මුදිත වෙලා ඉන්නේ. රටේ ප්‍රශ්න නැහැ දැන්. දැන් තියෙන්නේ වැඳිරියන්ටත් ලූප් දාන්න, අලියෙක් අනුස්මරණය කරන්න රන් ආලේපිත ප්‍රතිමා හදන එක, දුස්සීල මහනුන් සඟ සමාජෙන් පන්නා දමන එක වගේ පොඩි වැඩ ටිකක් තමයි.
ලංකාවේ ළමයි බහුතරයක් ළමයි අධි ස්ථුලතාව, දියවැඩියාව හැබැයි මන්දපෝෂණය, මොකද කන්නේ ෆයිඩ්රයිස්, පාන් බනිස්, නිසි පෝෂණයක් නෑ... අලි වගේ වුනාට ජවයක් නෑ කලන්තේ හැදෙනවා.
දෙවන ලෝක යුද්ධය පැවැති කාලයේ ආහාර හිඟයට පිළියමක් ලෙසට සලාක දුන්නා. වගාවට දිරි ගැන්වීමට කාලෙකදි හාල් මිළ සත 25 කින් වැඩිකලාම රජකමට කෙලහැලූ සමාජවාදීන් හර්තාලය කළා (ඒත් හර්තාලය කෙරෙව්ව කෙනා මුදල් ඇමැතිවෙලා එතෙක් රජයෙන් නොමිලේ දුන්නු බෙහෙත්වලට සත 25 ක මුද්දරයක් ගත්තා) ඔහොම ඉතින් හැමදාම නොමිලේ කාලා පුරුදුවෙලා ජානවලටත් නිකම්ම කෑම කාවැදිලා නිසා වර්තමානයේ ජනතාව අතපය හකුලාගෙන සමුර්දි ගන්නයි ඇස්බැන්දුම් ඇස්වැසීම ගන්නයි කාලය කාගෙන පෝලිම්වල තපිනවා. ඒත් ඉතින් කියන්නකෝ ලංකාවේ මෙතෙක්කල් කුසගින්නේ කීදෙනෙක් මැරුණාද කියලා...
තව ඉදිරියට මේ ප්‍රතිශතය වැඩි වෙනවා, වෙනවාමයි. මොකද හිටපු මැති, ඇමති, ජනපති සහ වැන්දබු බිරින්දන් ටිකත් මේ ගොඩට එකතු වෙනවනේ...
ඩෝබිලාගේ පුනරුදය දැන් සැපද? ලබන වසර වන විට 40% වෙනවා.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව මෙයයි "ආර්ථික අර්බුදයේ සහ දූෂණයේ මානව හිමිකම් බලපෑම" මෙයට ප්‍රධාන හේතුව බව එහි පැහැදිලිව සඳහන් වේ.
ඒ තත්වයට රට පත්කෙරුවේ 1948 ඉඳන් 2024 මැතිවරණ දක්වා මේ රට පාලනය කරපු අය...