IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී එම සාම්පලවල තිබී මෙම විකෘති වයිරස ප්‍රභේදය හමුවූ බව කී ජීවන්දර මහතා මේ රටේ කොවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව එම විකෘති වෛරස ප්‍රභේදය බවට මේ අනුව පෙනී යන්නේ යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව අන් වයිරසවලට සාපේක්ෂව සියයට 50 දක්වා වැඩි වන අතර මින් මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට පනහකින්  පමණ වැඩි යැයි චන්දිම ජවන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ප්‍රදේශ වලින් ලැබුණු සාම්පල 43 ක් ගැන දීර්ඝව පරීක්ෂණ පැවැත්වීමේදීය.

 



අදහස් (12)

‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘

mihira Wednesday, 28 April 2021 08:16 AM

අපි කිව්වා ඕක ස්ථිරවම හඳුනා ගන්නවා කියලා... දැන් ඉතින් බෙහෙත් විදන් රට ඉඳන් එන අයත් මුදල් ගෙවා හෝටල්වලට දාලා ගසා කෑම පටන් ගන්න.

:       135       47

DharmasiriWednesday, 28 April 2021 11:24 AM

සහතික ඇත්ත මිත්‍රයා... ලංකාවේ කුමක් හෝ වුණ ගමන් රට ඉඳන් නිවාඩුවට ගෙදර ඉන්න අපි පලි... දැන් ගෙවන්නකෝ ලක්ෂ 2,3ක් හෝටල් වලට... නිවාඩු දවස් 30න් භාගයක්ම හෝටලේ තමයි ආයෙත්... අපේ දරුවන්ට පිස්සු හැදෙයි මේ ආතතියෙන්...

:       28       16

Akila Wednesday, 28 April 2021 09:14 AM

මට මතකයි මිට මාස කිහිපයකට කලින් බ්‍රිතාන්‍යයේ පැතිරෙන මෙම ප්‍රබේදය ගැන WHO සංවිධානය අනිත් රටවල වලට අනතුරු ඇඟවුව එකෙන් රටවල් විනාශ වෙන්න පුළුවන් කියල , රජයේ නොසැළකිල්ල හින්ද තමයි මේක රටට ඇතුළු වුණේ.

:       80       40

band Wednesday, 28 April 2021 09:50 AM

මොන වයිරසය ආවත් අපේ සර් ගම සමඟ පිළිසදර නවත්වන්න වෙන්නේ නෑ

:       57       39

janabala asamagiWednesday, 28 April 2021 10:47 AM

කෙහෙල්මල් දේශපාලනය උඹලා ඉක්මණට බෙහෙත් විද ගනිල්ලා දරුවනේ ඉන්දියාවේ මිනිස්සු වැටිලා ඉන්න තත්වය ගැන හිතලා.

:       1       7

bandaThursday, 29 April 2021 07:03 AM

විදගන්න බෙහෙත් කොහෙද තියෙන්නේ ?

:       11       2

janahitha Wednesday, 28 April 2021 10:45 AM

හා එංගලන්තයේ එකද එහෙම නම් කමක් නැහැ එංගලන්තයේ නේ කොච්චර ආඩම්බරයක්ද ?

:       7       27

Madura Wednesday, 28 April 2021 11:31 AM

ප්‍රභේදය දැන ගැනීමෙන් තිබෙන වාසිය කුමක්ද? වයිරස් ප්‍රභේදය අනුව ගතයුතු විශේෂ ක්‍රියා මාර්ග තිබේද?

:       0       0

de silva Wednesday, 28 April 2021 11:56 AM

අපරාදෙ මේ එංගලන්තේ එකනේ.. මේ අලුත් ශ්‍රී ලංකා ප්‍රභේදයක් වුණා නම් අර පහුගිය කාලේ ඉදිකළ ගුවන් තොටුපළට, වරායට දමපු නායක තුමාගේ නමම දමාගන්න තිබුණා. දොස්තර මහත්තයා වැඩේ කෑවා..

:       29       12

වික්‍රම Wednesday, 28 April 2021 02:23 PM

විශේෂඥ ප්‍රතිචාර සහ අදහස් මුල සිට අගටද, අග සිට මුලටද කියෙව්වෙමි. පුදුම දැනුම් සම්භාරයක්... එ් නිසා ලිපිය කියවීමෙන් ඵලක් නැත...

:       2       30

Sri Lanka Wednesday, 28 April 2021 08:48 PM

අනේ වාසනාවන්... මොන වසංගතය හරි කමක් නැහැ... සුද්දන්ගෙන් නම්..

:       0       12

chandima Wednesday, 28 April 2021 08:55 PM

මේ ලැබුණු දේවල් තව මදි කියලා සජී පුතා නම් ඒ ගොල්ලෝ අක්කලා සාකච්ඡා පවත්වනවා. නිකන් නොවේ වැඳගෙන...

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site