IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙරට නිල සංචිත ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට නිල සංචිත 5.99 ක් වූ බවත් ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ෆිච් රේටින්ග්ස් සමාගම පැවැසුවේය. එසේම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 81 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එම සමාගම පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක නිල සංචිතවලට චීනය මෙරටට ලබාදී ඇති විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුළත් වේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචිත ඉහළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති සහාය බෙහෙවින් බලපා ඇති බවද ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.

ෆිච් රේටින්ග්ස් යනු ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමකි.

 



අදහස් (1)

මෙරට නිල සංචිත ඉහළට

බමුණුආරච්චි Thursday, 14 November 2024 05:34 AM

අහන්න දෙයක් නැහැ කැනඩාවෙන් එවනවා කියපු ඩොලර් මිලියනය එවලා, අනික් සහෝදරගලෙයි ලත් මාස් පතා ඩොලර් 500 ගානේ එවලා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site