IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙරට සැකකරුවන් 5 දෙනකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර සහ ත්‍රිකුණාමලය ප්දේශයේ පදිංචි අවුරුදු 21 ත් 37 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් 5 දෙනෙකි.

‘අශේන් පුතා‘ නැමති ශ්‍රී ලංකාවට අයත් බහු දින ධීවර යාත්‍රාවක් මාලදිවයින් ආර්ථික කලාපයට ඇතුළුවී ඇති බවට මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් මෙරට නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ (23) අලුයම දැනුම් දී තිබූ බව නාවික හමුදාව කියයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් එම යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී ‘අශේන් පුතා‘ නැමැති බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය සමග තොරතුරු හුවමාරුකරගෙන තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන ගියේද යන්න පිළිබදව ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධ අංශ සහ මාලදිවයින් බුද්ධි අංශ සිදුකරයි.

 



අදහස් (3)

මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි

Ajith Monday, 25 November 2024 02:37 AM

පසුගිය මාස දෙක ඇතුළත මත්ද්‍රව්‍ය ටොන් එකක පමණ ප්‍රමාණයක් ධීවර යාත්‍රා වලින් සහ ගුවන් තොටුපලෙන් අසුවුණා. මේවා මීට කලින් දේශපාලකයින්ගේ අනුග්‍රහයෙන් රට තුළට එන්න ඇති...

:       0       1

Ruwan De Silva Monday, 25 November 2024 07:54 AM

සිංගප්පූරුවේ වගේ මත්කුඩු ගහන අයටත් මරණ දණ්ඩනය දුන්නා නම් ලංකාවේ තරුණ ජීවිත ගොඩක් රැක ගන්න පුළුවන්. ආර්ථිකයටත් වාසියක්. මම කියන්නේ සිංගප්පූරුවේ වගේ තද නීති තියෙන්න ඕනේ.

:       0       4

Indhika Monday, 25 November 2024 08:26 AM

ශරියා නීතියට අනුව දඬුවම් දෙන්න .ලංකාවට එවන්න ඕනේ නැහැ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site