IMG-LOGO

මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා කටයුතු පිළිවෙලින් සියයට 8.7ක්, සියයට 21.2ක් සහ සියයට 2.6 කින් පහත වැටී ඇතැයි එම දත්ත වාර්තාවේ දැක්වේ.

ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ස්ථාවර මිල (2015) ගණන් යටතේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,218 ක් බව එම වාර්තාවේ සඳහන් වේ.

තෙවන කාර්තුව ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා අයිතිවන අතර පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක එහිදී ඇස්තමේන්තු කර ඇත.

2021 වසරේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,629,510 ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වසරේ තෙවන කාර්තුවේදී රුපියල් මිලියන 2,884,218 ක් දක්වා පහත වැටී තිබේ.

 



අදහස් (1)

මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා

sharm warn Friday, 16 December 2022 11:18 AM

දළ දේශීය නිෂ්පාදනය පහළ බහින්නේ විදුලි කප්පාද්ව, අමුද්‍රව්‍ය ආනයනය නැවැත්වීම යන හේතු නිසා... අර මනුස්සයා බොරු කියලා 68 ලක්ෂයක් ගොනාට ඇන්දෙව්වට... මොලේ තියන අයට නම් තේරෙනවා ඇති මේ අය කරන්නේ මොනවද කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site