IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ යන මහත්වරුන්ට ජපාන අධිරාජ්‍යයා විසින් 'ඕඩර් ඔෆ් ද රයිසින් සන්' සම්මානය පිරිනමනු ලැබ ඇත.

විදේශ රටවල් සමඟ තිබෙන ජපන් සබඳතා වැඩි දියුණු කිරීමට දායක වූ විදේශිකයන් වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය 'ඕඩර් ඔෆ් ද රයිසින් සන්' වේ.

ලංකා -ජපාන මිත්‍රත්ව සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපතිවරයාද වූ කෝසල රෝහණ වික්‍රමනායක මහතා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අයෙකි.

ජපානයේ ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපතිවරයා වන අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සහ ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

 



අදහස් (1)

මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන

පිටිගල මිලානෝ Sunday, 05 May 2024 08:10 PM

අර බුදුපිළිම අස්සේ මැණික් ගල් දාගෙන ජපානෙට පන්නපු සාදුට සම්මානයක් දුන්නේ නැද්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site