(විමුක්ති එස් රුද්‍රිගු)
ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ඉන් ලක්ෂ 29ක් ක් ළමුන් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
මෙම තත්ත්වය එළඹෙන වසරේ පෙබරවාරි මස වන විට තවත් උග‍්‍ර වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඉදිරි මාස වලදී ළමා මන්දපෝෂණ තත්ත්වය තවත් දරුණු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එසේම ළමුන් ලක්ෂ 11 කට අධ්‍යාපනය සඳහා සහාය අවශ්‍ය බවත් කාන්තාවන් සහ ළමුන් ලක්ෂ 28කට පෝෂ්‍යදායි ආහාර අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි.
ශ‍්‍රී ලාංකිකයන් 66000 ක් උග‍්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
එසේම ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ 53ක්ක්ආහාර වේල් මග හරින බවත් ඉදිරියේදී මෙම සංඛ්‍යාව දේශගුණික විපර්යාස සහ දේශපාලන අර්බුද හේතුවෙන් තවත් වැඩි විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද ? වෙන්ඩ බෑනේ. අපේ මහබැංකු හොරා දැන් හොඳ ආර්ථික ඔස්තාර් කෙනෙක්නේ.
මේ දුෂ්ට පාලකයන්ට නම් මේවා බොරු කියන්න පුළුවන්. ඇත්තටම රටේ තත්ත්වේ මේක තමා.
ඔළුගෙඩි මාරු කරකර බල තණ්හාවට තව අවුරුදු දෙක තුනක් රට අරන් ගියොත් මිනිස්සු බඩගින්නේ මැරෙන තත්වයට පත්වේවි...!
ළමුන්ට කන්න නැතිවුණාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, ඇමැතිවරු සහ නිලධාරියෝ වී8, රේන්ජ් රෝවර් වල ජනතාමුදලින් පෙට්‍රල් ගහගෙන ගමන් බිමන් යන බව පෙනෙනවා. කෙටියෙන් කියනවා නම් සසරින් එතෙර වීමට පෙරුම්පුරන හාමුදුරුවෝ පවා වී8, රේන්ජ් රෝවර් වල එම ගමන සඳහා භාවිතා කරන බව පේනවා. සමහර හාමුදුරුවරු දේවදත්තයෝ ගල්පෙරළාවි කියලා ඩිෆෙන්ඩර් වලින් වඩිනවා.