IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරගහකන්දෙන් යටවු කුඹුරුවලට විකල්ප ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක්

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද ජලාශයට සිය  කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල  ගම්මානේ පදිංචි පවුල්  හාරසියයක පමණ දෙනා  ඊට විකල්ප ඉඩම් ඉල්ලා  අද (31)  පෙරවරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම්   කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ.


විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසමින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරස් කොට මෙම විරෝධතාවය පැවැත්විණි.


විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා තම පාරම්පරික ගොවිතැන් බත් සිදුකරගෙන ආහාර ලබාගත් සහ ජීවත් වූ කුඹුරු ඉඩම් සියල්ල ලබා දුන් බව ය.

 

 ඒ සඳහා වසර තුනහමාරක් පමණ කාලයක් ගත වී ඇතත් විකල්ප  කුඹුරු ඉඩම් නොමැති නිසා සම්පූර්ණයෙන්ම ජන ජීවිතය ආර්ථිකය අඩාල වී තිබෙන බවය. බලධාරීන් මේ පිළිබඳව මුනිවත රකින බව ද ඔවුහු කෑගසමින් චෝදනා කරන්නට වූහ.


නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර  මාතලේ දඹුල්ල ප්‍රධානමාර්ගය හරස් කරමින්   වාහන ගමනාගමනයට ද බාධා කරමින් මෙම විරෝධතාවය   පැවැත්වූ අතර නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ප්‍රධාන මාර්ගයෙන්  ජනතාව ඉවත් කිරීමට උත්සාහ කළ ද එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විණි.

 

විරෝධතාකරුවන් කියා සිටියේ විරෝධතා වේ  නිරත වන ජනතාව ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසය .


  පසුව නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයා පැමිණ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයසේකර මහත්මිය සමග සාකච්ඡා කර ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට පියවර ගත්හ.


අනතුරුව සාකච්ඡා ලේකම්වරිය සමඟ සාකච්ඡා කළ ඔවුහු මොරගහකන්ද  ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වීමත් සමඟ  උද්ඝෝෂණය නවතා දමා  පිටව ගියහ. 




අදහස් (0)

මොරගහකන්දෙන් යටවු කුඹුරුවලට විකල්ප ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site