
(ඉන්දික අරුණ කුමාර )
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් ජීව පතොරම් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇතැයි නාඋල පොලිසිය කියයි.
මොරගහකන්ද ජලාශයේ ධීවර සමිතියට අයත් ධිවරයෙකු පොහොර උරයක පතොරම් තොගයක් පවතින බවට නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාට කළ දැනුම්දීමකට අනුව මෙම පතොරම් තොගය උප පොලිස් පරික්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ.
පැරණි එහෙත් ජීව තත්ත්වයේ පවතින මෙම පතොරම් අතර ටි 56 සහ වෙනත් ගිනි අවි වලට යොදා ගන්නා ජීව පතොරම් ද වන බව පොලිසිය කියයි.
මෙම පතොරම් කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදුකරනු ලබයි.
2025 ඔක්තෝබර් මස 08
1561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මොරගහකන්ද ජලාශයේ ජීව පතුරොම් 400ක්