(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිරිගම විල්වත්ත දී සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පරීක්ෂණවලට අදාළ ලිපි ගොනුව 10 දින පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මීරිගම පොලීසියට උපදෙස් දී ඇත.

අනතුරට පත් ලොරියේ රියදුරා, එම ලොරියේ ගමනාගමනයට බාධා සිදු වූ බව කියන ඉදිරියෙන් පැමිණි ලොරි රියදුරු මෙන්ම දුම්රිය ගේට්ටු කරු ඇතුළු පිරිසකගෙන් පොලිසිය  සාක්ෂි සටහන් කරගෙන ඇත .

සිද්ධිය පිළිබඳව බාහිර පුද්ගලයන්ගේ ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි

අනතුරට පත් කන්ටේනර් රථයේ රියදුරා ලොරියෙ සක්‍රිය තත්ත්වය සම්බන්ධයෙන් ගේට්ටු කර දැනුවත් කර ඇති බවත් දෙවැනි වතාවට දුම්රිය මාර්ගය මත නතර වූ අවස්ථාවේ ද ඔහු දැනුවත් කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලන් හෙලිවී ඇතැයි පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ තිබියදීත් දුම්රිය අනතුරක් සිදු වීම වළක්වා ගැනීමට නිසි පියවර ගෙන ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා මෙන්ම මෙම අනතුරට වගකිව යුත්තන් පිළිබඳව හෙළි කර ගැනීමටත් අදාළ ලිපිගොනුව නීති කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තීරණයක් ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ආරංචි මාර්ග සඳහන් කළේය