(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ වන මාර්ග ව්‍යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය වකවානුවේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය මුල්‍යකරණය හරහා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා දීම තාවකාලිකව අත්හිටුවන ලද බැවින්, විදේශ ණය මුල්‍යකරණය යටතේ ලබා දුන් ප්‍රතිපාදන සම්පුර්ණයෙන් යොදා ගැනීමට නොහැකි වී ඇතැයි රජය පවසයි. එසේම, අමුද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් දේශීය මූල්‍ය කරණය යටතේ දරන ලද වියදම් ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බිල්පත් පියවීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම කරුණ පිළිබඳව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත විදේශ ණය මූල්‍යකරණය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ඉතිරිවීම් වෙනුවට දේශීය මූල්‍යකරණය යටතේ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාර්ග හැදූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන සල්ලි ගන්න පරිපූරකයක්